රෂිකා හෙන්නායක ජුනි 30, කොළඹ LNW :
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තීරණාත්මක තරගයකදී නෙදර්ලන්තය පරාජය කරමින් මොරොක්කෝව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, දෙපිලම ගෝල එක බැගින් ලබා ගැනීම නිසා අතිරේක කාලයෙන් පසුව ක්රියාත්මක වූ දඬුවම් පහර හරහා මොරොක්කෝව ජයග්රහණය තහවුරු කරගත්තේය.
නෙදර්ලන්තය වෙනුවෙන් කොඩි ගැක්පෝ පළමු ගෝලය වාර්තා කළද, තරගයේ අවසන් මොහොතේ මොරොක්කෝව ලැබූ ගෝලය නිසා ක්රීඩාව උණුසුම් මුහුණුවරක් ගත්තේය.
මොරොක්කෝ ගෝල රකින ක්රීඩකයා දැක්වූ දක්ෂතා සහ ඉස්මයිල් සයිබාරි එල්ල කළ තීරණාත්මක දඬුවම් පහර මෙම ජයග්රහණයට මග පෑදීය.
මෙම ඵෙතිහාසික ජයත් සමඟ මොරොක්කෝවට මීළඟ වටයේදී කැනඩාව සමඟ තරග වැදීමට අවස්ථාව හිමිව තිබේ.
මෙය මොරොක්කෝ පාපන්දු ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථාවක් ලෙස සටහන් වේ.


