චීන බිලියනපතියෙකු වන ගුඕ වෙන්ගුයිට ඇමරිකාව වසර 30ක සිර දඩුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 30: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
චීනයේ ධනවත් දේපළ වෙළඳාම් අධිපතියකු හා ව්‍යාපාරිකයෙකු ලෙස කලකන ගුඕ වෙන්ගුයිට නිව්යෝර්ක් අධිකරණ විනිසුරු ඇනලීසා ටොරස් විසින් වසර 30ක සිර දඩුවම් පනවා තිබේ.

සුඛෝපභෝගී ජීවන රටාවට ඉඩ සලසන ව්‍යාජ ගනුදෙනු සඳහා දහස් ගණනක් ආයෝජකයින් රවටා ඩොලර් මිලියන සිය ගණනක් ලබා ගනීම සහ ජාවාරම්, වංචා සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනා ඇතුලු අපරාධ චෝදනා 12 න් නවයකටම ඔහු මෙහිදී වරදකරු විය.

මයිල්ස් ගුඕ සහ හෝ වන් ක්වොක් ඇතුළු විවිධ නම් වලින් හඳුන්වන ගුඕට ඔහුගේ පවුල චීනයේ විශාලතම ප්‍රසිද්ධියේ වෙළඳාම් කරන ලද සුරැකුම්පත් සමාගමේ විශාලතම කොටස් හිමියා බවට පත්වීමත් සමඟ ගුඕගේ ධනය වර්ධනය වූ නමුත් ඔහු චීන රජයේ නිලධාරීන්ගේ ඉලක්කයක් බවට පත් වීමෙන් අනතුරුව 2017 වසරෙදී චීනයෙන් ඇමරිකා එක්සත් ජනපදයට පලාවිත් ඇත.

ගුඕ චීනයේ කොමියුනිස්ට් පාලනයේ විවේචකයෙකු බවට පත් වූ අතර එක්සත් ජනපදයේ චීන ප්‍රජාව අතර පුළුල් මාර්ගගත අනුගාමිකයින් පිරිසක් ඇති කර ගෙන ඇත. ඒ හරහා 2018 සහ 2023 අතර ආයෝජන සහ ගුප්ත ව්‍යවහාර මුදල් යෝජනා ක්‍රම සඳහා ඔහු මාර්ගගත අනුගාමිකයින්ගෙන් ගුඕ ඩොලර් බිලියන 1 කට (පවුම් මිලියන 760) වැඩි මුදලක් රැස් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...