ආණ්ඩුව බස් හිමියන්ට වංචාවක් කළා : සභාපති ගැමුණු

රෂිකා හෙන්නායක ජුනි 30, කොළඹ LNW :

ශ්‍රී ලංකා රජය විසින් ඩීසල් මිල අඩු කිරීම හරහා පෞද්ගලික බස් හිමියන් අපේක්ෂා කළ ගාස්තු සංශෝධනය අඩාල කර ඇති බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා චෝදනා කරයි.

ජාතික ප්‍රතිපත්තියට අනුව ලැබිය යුතු 20%ක ගාස්තු වැඩිකිරීම වළක්වාලීම සඳහා ආණ්ඩුව සිතාමතාම මෙලෙස ඉන්ධන මිල වෙනස් කළ බව ඔහු පෙන්වා දෙයි.

බලධාරීන් තීරණ ගැනීමේදී තමන්ව මඟහැර ඇති බවත්, අපේක්ෂිත සහනය නොලැබුණහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් බස් සංගම් අවධාරණය කරයි.

අවම බස් ගාස්තුව රුපියල් 35ත් 40ත් අතර අගයක පැවතිය යුතු බව පවසන ඔවුන්, පවතින තත්ත්වය මත බස් කර්මාන්තය දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බව සඳහන් කරයි.

මෙම ක්‍රියාවලිය ජනතාව සහ බස් හිමියන් රවටන වංචනික උත්සාහයක් ලෙස හඳුන්වන සභාපතිවරයා, සාධාරණ විසඳුමක් නොලැබුණහොත් පවතින ජාතික ප්‍රතිපත්තියෙන් ඉවත් වන බවට අනතුරු අඟවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු…

“ඊයේ රෑ ඩීසල් මිල අඩු කළා. හරි නම් ඩීසල් මිල අඩු කරන්න ඕනේ අද රාත්‍රියේ. අපි සාකච්ඡාවක් ඉල්ලුවා මේ ගාස්තුව කොහොමද හදන්නේ කියලා දැනගන්න. නමුත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සාකච්ඡාවක් දුන්නේ නැහැ. අපිත් දන්නවා ආණ්ඩුව වැඩි මිලට තමයි ඩීසල් ගත්තේ. හරි නම් ඩීසල් 510ට විකුණන්න ඕනේ. වැඩි මිලට ගත්තේ බයට. ඒ පාඩුව දිගටම තියෙනවා. එවන් පසුබිමක අපි දිගින් දිගටම ඉල්ලීම් කළා සංශෝධය ගැන තීරණ අපිට දැනුම්දෙන්න කියලා. නමුත් මේ අය ජුලි 01 සිට තියෙන බස් ගාස්තු කිව්වේ නැහැ. ආණ්ඩුවට ලොකු ගැටලුවක් තියෙනවා..ආණ්ඩුව බය වුණා ප්‍රතිශතය වැඩි වෙයි කියලා. වැඩි පරාසයකින් බස් ගාස්තුව වැඩි වෙයි කියලා අද (30) කරන්න ඕන තෙල් මිල සූත්‍රය ඊයේ (29) කරලා..ඒ ප්‍රතිශතයත් අනිවාර්යයෙන්ම අඩු කරලා තමයි බස් ගාස්තුව ප්‍රකාශයට පත්කරන්න හදන්නේ.”

මේ කරපු වංචාව ගැන අපි ලිඛිත දැනුම්දීම් කරලා තියෙනවා. අපිව මගහැරලා බස් ගාස්තුව ප්‍රකාශ කරන්න කටයුතු කරනවා. දැන් මෙතනදී 2.8%ක ප්‍රතිශතයක් අඩු වෙනවා.
  20%ක බස් ගාස්තුවක් එන්න තිබුණේ. ආණ්ඩුව ගන්නකොටත් වංචාව කළේ..බස්හිමියටත් වංචාව කළේ.. හැම මනුස්සයාවම රවට්ටනවා. අපිට අඩුම තරමින් 15%ක්වත් ඕනේ. අවම බස් ගාස්තුව 35ත් 40ත් අතර වෙන්න ඕනේ. ඩීසල්වලින් විතරක් නෙමෙයි බස් දුවන්නේ. ගහලා බැන්ඳත් එකයි..බැඳලා ගැහුවත් එකයි වගේ තමයි ආණ්ඩුව කරන්නේ. මේ ආණ්ඩුව ගෙනියන්න මිනිස්සුන්ට ප්‍රෝඩාවක් කරන්නේ.
තාම හිතන්නේ ඒගොල්ලෝ හරි කියලා. කොකාට වාරයක් එනවා නම් තිත්තයාටත් වාරයක් එනවා කියලා දැනගන්න.

බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව අපිට ප්‍රමාණවත් ගාස්තු වැඩිවීමක් ලබාදීලා නැත්නම් අපි නීතිමය පියවර ගන්නවා. අපි අධිකරණයට ගිහින් ජාතික ප්‍රතිපත්තියෙන් ඉවත් වෙන්න කටයුතු කරනවා.” ලෙස පැවසීය.
 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)

කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව -...