උද්ධමනය පහළට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජුනි මාසයේ , කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව  උද්ධමනය සියයට 12ක් දක්වා පහත වැටී තිබෙන අතර, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ ජුනි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බවය.

මැයි මාසයේ උද්ධමනය සියයට 25.2ක් ලෙස කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව වාර්තා වී තිබුණි.

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ , මැයි මාසයේ සියයට 21.5ක් වු ආහාර කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේ දී සියයට 4.1ක් දක්වා කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බවයි .

සියයට 27ක් ලෙස මැයි මාසයේ වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේදී සියයට 16.2ක් දක්වා පහත වැටී තිබෙන බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිතිකරු නාමාවලිය වෙනස් කිරීම පරාජයට හේතු වූවා ද? හසිනි සහ දුලානිගෙන් ඉන්දියාවට රිඳෙන ඉණිම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ඉන්දියාව සමඟ පැවති විස්සයි...

ඉරානයේ මුදල් ඒකක පහත වැටීම හේතුවෙන් විරෝධතා අඛණ්ඩව තුන්වන දින දක්වා ක්‍රියාත්මක වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ මුදල්...

රෝහලක් තුළ වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : බන්ධනාගාර ...

අයවැය ඡන්දය අතරේ කොළඹ මහ නගරසභාවේ වංචා දුෂණ හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි...