ශ්‍රී ලාංකේය සංහිඳියාව පිළිබඳ සම්බන්දන් මහතාට ගැඹුරු හැඟීමක් තිබුණා – බානගල උපතිස්ස නා හිමි

Date:

කොළඹ LNW:දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා උතුර දකුණ ජන සංහිඳියාව පිළිබඳව ගැඹුරු දර්ශනයකින් කටයුතු කළ ගෞරවනීය නායකයෙක් බව ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති,ජපානයේ ප්‍රධාන සංඝනායක දඹදිව සාංචි චේතියගිරි විහාරාධිපති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.

උතුරු නැගෙනහිර අවි නිහඬ වීමෙන් පසු උතුරු පළාතේ ස්ථාපිත කළ පුනරුත්ථාපන කඳවුරු ආශ්‍රිතව මෙරට සියලු ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් ගොඩනැගුණු “ආගමික සමුළුව” විසින් පවත්වා ගෙන ගිය සුභසාධන වැඩ සටහන්වලදී ද චාවාකච්චේරි ප්‍රදේශයේ ළදරු පාසල් ආරම්භ කළ අවස්ථාවේදී ද එතුමා දැක් වූ සහයෝගීතාවය සහ දැක් වූ අදහස් මේ රටේ ශ්‍රී ලාංකේය ජාතිකත්වය ගොඩනැගීමට එතුමා තුළ තිබූ ගැඹුරු උවමනාව මැනවින් පසක් වූ බවයි උන්වහන්සේ පවසන්නේ.

එවැනි පරිණත ගැඹුරු චින්තනයක් සහිත දේශපාලනඥයන් අවශ්‍යම මේ අවස්ථාවේ ආර්.සම්පන්දන් මහතාගේ වියෝව සමස්ත ලාංකේය සමාජයට බලවත් පාඩුවක් බව නොකියාම බැරි බවත් ඒ මහතාගේ අභාවය පිළිබඳ අපගේ බලවත් ශෝකය එම පවුලේ සියලු දෙනාට ප්‍රකාශ කරන අතර ,ආගමානුකූලව ඔහු බලාපොරොත්තු වූ යහපත් ආත්මය ඒ මහතාට හිමිවේවා යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් පවසති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...

“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ඊයේ (09) රාත්‍රී...

නාසා හි Curiosity Rover මවන අඟහරුගේ විශ්මයජනක දර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නාසා හි...

රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට පෙර කළ යුතු දේ ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් ආරක්ෂා...