ජනපතිගේ සුබ ආරංචිය ගැන හෙට පැවැත්වීමට නියමිතව තිබුණු විවාදය නෑ, අනිද්දා ඡන්ද විමසීමත් නෑ. හේතුව මෙන්න !

Date:

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් සම්බන්ධයෙන් හෙට (02) සහ අනිද්දා (03) දිනවල පැවැත්වීමට නියමිතව තිබුණු විවාදය හා ඡන්ද විමසීම නොපැවැත්වීමට තීරණය කර තිබේ.

අද (01) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණයට එළඹී ඇත.

රජය විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් අත්සන් කළ යුතුව තිබූ ගිවිසුම් තුනෙන් එකක් තවමත් අත්සන් කර නොතිබීම සහ එම ගිවිසුම් තුන මුදල් කාරක සභාවට ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් මෙසේ හෙටට සහ අනිද්දාට නියමිත විවාදය සහ අනිද්දා ඡන්ද විමසීම නොපැවැත්වෙන බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ.

“කලින් පැවති පක්ෂ නායක රැස්වීමේදී කිව්වා මේ ගිවිසුම් තුන අන්තර්ජාලයේ දාලා තියෙන්නේ කියලා. අත්සන් කරලා කැබිනට් එකට ඉදිරිපත් කරනවා කිව්වා. මුදල් කාරක සභාවට ඉදිරිපත් කරනවා කිව්වා. එහෙම කරලත් නෑ. හෙට ජනාධිපතිතුමාගේ කතාවෙන් පස්සේ පාර්ලිමේන්තුව කල් තියනවා, විවාදයක් පැවැත්වෙන්නේ නෑ”

ඒ අනුව හෙට දිනයේ පාර්ලිමේන්තු රැස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ විශේෂ ප්‍රකාශයක් පමණක් සිදුකිරීමට නියමිතව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...