කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

Date:

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW:

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන කාන්තා පාපන්දු තරගාවලිය 2026 සඳහා සුදුසුකම් ලැබීම සඳහා මේ දිනවල උසබෙකිස්තානයේ ටෂ්කන්ට් හී තරග වඳිමින් සිටියි.ඒ සිට එච් දක්වා කාණ්ඩ බෙදා ඇති මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව තරග වඳින්නේ එෆ් කාණ්ඩයෙන්ය.එයට සත්කාරක ශ්‍රී ලංකාව,උස්බෙකිස්තානය,නේපාලය සහ ලාඕසය ඇතුළත් ය.මේ වන විට ශ්‍රී ලංකාව උස්බෙකිස්තානය ඉදිරියේ 10 – 0 ක් ලෙස පරාජයට පත් වී ඇත.නේපාලය ලාඕසය පරාජය කළේ ගෝල 9 – 0 ක් ලෙසය.ශ්‍රී ලංකාවට ඉදිරියේදී ජූලි 2 වන දා නේපාලය ද,ජූලි 5 වන දා ලාඕසයද මුණ ගැසීමට නියමිතය.


මේ 10 – 0 පරාජය ගැන දැන් ලාංකේය පාපන්දු ක්‍රීඩිකාවන්ව විවේචනය කරනාකාරය ඇතැම් විට පිළිකුල දනවන්නක්ය.මේ එෆ් කාණ්ඩයේ සෙසු කණ්ඩායම් තුනම ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට වඩා ඉදිරියෙන්ය.උස්බෙකිස්තානය ඒ අතරින් ඉදරියෙන්ම වේ.ඒ 51 වන තැනය.නේපාලය 100 වන ස්ථානයේය.ලාඕසය 107 සිටින අතර ශ්‍රී ලංකාව සිටින්නේ 159 වන තැනය.1දද ට සිටින නේපාලය 107 සිටින ලාඕසය 9 – 0 ක් ලෙස පරාජය කිරිම වැඩි අවධානයකින් බැලිය යුතුය.ඒ කුඩා පරතරයක් ලෙස පෙණෙන බැවින්ය.නේපාලයේ පාපන්දු කන්ඩායම විශාල ප්‍රගතියක් ලබා ඇත්නම් ඒ පරතරය වැදගත්ය.එසේ නොවී ලාඕසය විශාල ලෙස පසුබැස ඇත්නම් එය ශ්‍රී ලංකාවට එම තරගය ගැන බලාපොරොත්තුවක්ය.


ඉහත දැක් වූවේ මේ කණ්ඩායම්වලට ලෝකයෙන් ලැබී තිබෙන ඉලක්කම් අගයන්ය.ඊට වඩා කාන්තා පාපන්දු යනු පිරිමි පාපන්දුවට වඩා චූල සැළකුම් ලබන ව්‍යහුයක් රටේ පවතින බව ද අමතක කළ නොහැකිය.මේ වන විට ආසියාවේ අවධානයට ලත් වී සිටින ශ්‍රී ලංකා පිරිමි පාපන්දු කණ්ඩායම එම ගෞරවයට පාත්‍ර වී ඇත්තේ ශ්‍රී ලංකා සම්භවයක් ඇති විදේශයන්හි වෘත්තීය පාපන්දුව නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ ආධාරය ඇතිවය.මෙහිදී එම දක්ෂතා දායකත්වය මෙන්ම පහසුකම් ද යම් මට්ටමකට විශාලනය වීම සිඳුවී තිබිම පිරිමි ජාතික කණ්ඩායමේ ජයග්‍රාහී ස්ථාවරයේ යටි පෙළය.


මේ තත්ත්වයට කාන්තා කණ්ඩායම බොහෝ දුරය.ලාංකේය සම්භවයක් ඇති කාන්තා ක්‍රීඩිකාවන් සොයා ගැනීම මෙන්ම ඔවුන්ට ලැබෙන පහසුකම් ප්‍රමාණය වැඩි කිරීම ද ඊට අවශ්‍යයය.පොහොර යොදන නිසි පිළිවෙල මෙන්ම ඒවා මොන වර්ගයද කියන කාරණය ද අස්වැන්න පොහොසත් වීමට බලපාන්නේය.මේ ඇත්තට විරුද්ධව නැඟෙන්නට අපහසුය.ඒ නිසා ශ්‍රී ලංකාවේ පාපන්දුව සමබර කිරිමට කාන්තා කණ්ඩායම පෝෂණය කිරීමට පිරිමි කණ්ඩායමට අදාළ ආකෘතියම ගෙන ඒම සිඳු කළ යුතුය.එය නොපමාව සිඳුවිය යුතු කරුණක්ය.එසේ නොවන තැනදි ශ්‍රී ලංකාවේ පාපන්දුව ලෙස කාන්තා කණ්ඩායම බර අඩුවට තරාදියෙන් වීසිවෙන තරම් සැහැල්ලු වෙද්දී පිරිමි පාපන්දුව පමණක් බරැති වන්නේය.


ඇතැම් ආගමික බාධාවන් ඇති රටවල් ද මේ වන විට පාපන්දුව කාන්තාවන්ට විවෘත කරමින් රටේ ගෞරවය වෙනුවෙන් විදේශීය කාන්තාවන්ට පුරවැසිකම ප්‍රදානය කරමින් කැඳවන බවත් පෙනෙන්නට ඇත.ශ්‍රී ලාංකේය කාන්තාව ඊට වඩා නිදහස් සමාජ අවකාශයක බැදීම්වලින් නොබැඳි කාන්තාවක් වන බැවින් ඇය ගේ දක්ෂතා දියුණු කිරිම අපහසු වනු ඇත.


ජස්වර් උමාර්ගේ ලරිපාලනය තුළ ශ්‍රී ලංකාවේ පාපන්දු පිරිමි කණ්ඩායම ඒ ආශිර්වාදය මත ලබා ඇති ල්‍රගතිය ගැන සතුටු විය හැකිය.ඒ තත්ත්වය කාන්තා කණ්ඩායම වෙනුවෙන් ද ඇති කිරීම වැදගත්ය.එහෙත් වැදගත්ම කාඑණය දැන් තව තවත් විදේශයන්හී සිටින ලාංකේය සම්භවයක් ඇති තරුණ ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට පෙළ ගැසෙන තත්ත්වයය.ජස්වර්ම මේ තත්ත්වය ය නිර්මාණය කරන්නේනම් වටින්නේ ඒ සම්බන්ධයෙන් දැනට ඇති අත්දැකීම් ද ඔහු සතු වන බැවිනි.
එහෙත් මේ වසර ගණන තුළ ජස්වර් තවත් දෙයක් කළ යුතුවම ඇත.යැඩි දේශීය ක්‍රීඩකයින් ප්‍රමාණයකට මේ විදේශ ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කළ හැකි ලීග් තරගාවලියක් සූදානම් කර කණ්ඩායම් සමාගම් අතර අලෙවි කර එල්පීඑල් මට්ටමේ පාපන්දු තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවත්විය යුතුය.මේ අත්දැකීම වසර කිහිපයක් තුළ විදේශ ක්‍රීඩකයන්ට ලංකාව නියෝජනය කරන්නට පොරොත්තු ලේඛයක ඉන්න වන තරමට ලංකාවේ පාපන්දු ඒ අනුව ඉහළ යනු ඇත.ඒ තරමට ලංාවේ පාපන්දු ප්‍රබල වන අනාගතයක් අපේ සිහිනයය.ජස්වර් උත්සාහ කළොත් කාන්තාවන්ට ද එවැනිම ලීගයක් සමඟින් ජාත්‍යන්තර අත්දැකීම් ලබා දෙමින් ගැහැණු පිරිමි ලෙස ප්‍රබේද නොකර ලංකාවේ පාපන්දුව මරු කියන තැනකට ගෙනියන්නට හැකි වනු ඇත.
එතෙක් අප දකින්නේ කාන්තා කණ්ඩායමේ පරාජයේ දොස්වලට වඩා හිස්කම් ය.ඒවා පිරවීමට සාපේක්ෂව ඔවුන් වැඩෙනු ඇත සහ දිනනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...