ජනාධිපති ට්‍රම්ප්ගේ මානුෂිය ආධාර කප්පාදුව හේතුවෙන් මරණ මිලියන 14කින් ඉහල යන ලකුණු

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රාජ්‍ය වියදම් සිමා කිරීම සඳහා විදේශ මානුෂීය ආධාර කපා හැරීම හේතුවෙන් 2030වන විට මරණ මිලියන 14කින් ඉහල යා හැකි බව ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යනයකින් හෙළි වී තිබේ.

ඒ අනුව පර්යේෂක කණ්ඩායම රටවල් 133ක පසුගිය දත්ත විශ්ලේෂණය කරමින් සඳහන් කර තිබුණේ USAID අරමුදල් හේතුවෙන් 2001 සහ 2021 අතර සංවර්ධනය වෙමින් පවතින රටවල මරණ මිලියන 91 ක් වළක්වා ඇති බවයි.

අවදානමට ලක්ව ඇති අයගෙන් තුනෙන් එකක් නොමේරූ ළදරුවන් මෙන්ම ළමුන් වන අතර එම සංඛ්‍යාවට වයස අවුරුදු පහට අඩු ළමුන් මිලියන 4.5 කට අධිකව නැතහොත් වසරකට ළමා මරණ 700,000 ක් පමණ ඇතුළත් වනු ඇත.

පසුගිය මාර්තු මාසයේදී USAID හි සියලුම වැඩසටහන් වලින් 80% කට වඩා අවලංගු කර ඇති බවට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ නිවේදනය කළ අතර එය අවදානමට ලක්විය හැකි ජනගහනය අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දශක දෙකක ප්‍රගතිය හදිසියේම නතර කිරීමට සහ ආපසු හැරවීමට පවා අවදානමක් ඇති කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

පොහොර සහනාධාරය QR ක්‍රමයට!

කොළඹ LNW:ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමේදී ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ...