යල කන්නයේදී රජය වී මිලදී ගන්නා සහතික මිල ගණන් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා විසින් ප්රකාශයට පත්කර තිබේ.
ඒ අනුව, ඒ අනුව නාඩු සඳහා කිලෝවක් රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් රුපියල් 130ක් සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140ක් වශයෙන් වී මිලදී ගැනීම් සිදුකරන බවයි අමාත්යවරයා සඳහන් කළේ.
පසුගිය මහ කන්නයේ ද රජය වී මිලදී ගත්තේ ඉහත මිල ගණන්වලටම ය.
කෙසේවෙතත් කෘෂිකර්ම අමාත්ය කේ. ඩී. ලාල්කාන්ත මහතා මීට පෙර ප්රකාශ කර තිබුණේ ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු සාධක හමුවේ මේ වනවිට වී කිලෝවක මිල රුපියල් 137ක් වියයුතු බවට හෙක්ටර් කොබ්බෑකඩුව වී පර්යෙෂණ ආයතනය විසින් ගණන් බලා ඇති බවකි.
සබැඳි පුවත් –


