ජනතාව කුණු එළියට දාපු සැණින් එකතු කරන්න අපිට පුළුවන්කමක් නෑ – කඩුවෙල නගරාධිපති

කඩුවෙල නගරයේ සති කිහිපයක් තිස්සේ කුණු එකතු වී ඇති බවට මාධ්‍ය ඔස්සේ එල්ල කරන චෝදනා සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බව කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා පවසයි.

“කඩුවෙල මහ නගරසභාව සම්බන්ධයෙන් විද්‍යුත් මාධ්‍යයක විශාල ප්‍රචාරයක් කරලා තිබ්බා. ඔවුන් රටේ ජනතාවට වැරදි අවබෝධයක් හදන්න උත්සාහ කරලා තිබ්බා කඩුවෙල මහ නගරසභාව මේ කුණු ප්‍රශ්නය සම්බන්ධයෙන් කිසිම සැලකිල්ලක් නැහැ, ඩෙංගු මදුරු උවදුර වර්ධනය කරමින් දැවැන්ත කුණු ගොඩවල්වලින් පිරිච්ච, ඩෙංගු මදුරුවෝ උත්පාදනය කරන තිඹිරිගෙයක් බවට පත්වෙලා තියෙනවා කියන කාරණය තමයි මතුකරලා තියෙන්නෙ. විශේෂයෙන්ම කඩුවෙල මහ නගරසභාව, කුණු ජනතාව එළියට දාපු සැණින් එකතු කරගැනීමට පුළුවන්කමක් නෑ. සාමාන්‍යයෙන් පැය දෙක තුනක් – අඩුගාණෙ රාත්‍රියේ එළියෙ තිබ්බ කැලි කසළ පසුදා පෙරවරු 10.00 ට වගේ තමයි ගිහිල්ලා ගන්නෙ 12.00 ට පෙර. අන්න ඒ කාලවකවානුව තුළ සැලසුම් කරලා, ඉලක්ක කරලා ඒ කුණුගොඩවල් අරගෙන මාධ්‍ය හරහා රටට පෙන්වලා වැරදි අවබෝධයක් හදන්න දරපු උත්සාහයක් තිබ්බා. මම ඉල්ලීමක් කළා ඒ මාධ්‍යවේදී මහත්තයාගෙන් එහෙම කරන්න එපා, අපෙ අඩුපාඩු පෙන්වලා දෙන එක මාධ්‍යවල වගකීමක් යුතුකමක්. නමුත් මෙහෙම සැලැස්මක් තියෙනවා. අපි ජනතාවට කියන්න ඕනෙ, කඩුවෙල ජනතාවට, සතියේ හැම සඳුදා දිනකම පෙරවරු 09.00 සිට 11.00 විතර වෙනතුරු අපි පූර්ණ සාකච්ඡාවක් කසළවලට අදාළ සියලුම නිලධාරීන් එක්ක කරනවා. එහෙම සාකච්ඡා කරලා ජනතාවගේ කසළ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න අපි කටයුතු කරනවා. එළඹෙන 2027 වෙනකොට සම්පූර්ණයෙන්ම කුණු සම්බන්ධයෙන් ජනතාවට මැසිවිලි නඟන්න, චෝදනා නඟන්න ඉඩනොදී සම්පූර්නයෙන් මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන්න කටයුතු කරනවා. ඒ කියන්නෙ 2027 වෙනකල් මොකුත් කරන්නෑ කියන එක නෙවෙයි, අපි දැනටත් ක්‍රියාමාර්ග ගණනාවක් තෝරලා තියෙනවා”

කඩුවෙල නගරාධිපතිවරයා මේ බව පැවසුවේ කසළ ප්‍රශ්නය සම්බන්ධයෙන් කඩුවෙල මහ නගරසභාවට එල්ලවී ඇති චෝදනාවන්ට ඊයේ (30) දිනයේදී පිළිතුරු ලබාදෙමිනි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...