*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

නෙදර්ලන්තය කිරි දමා ගත් බඳුන බිඳ ගනියි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා පවත්වන සුපිරි හය කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගය වූ නෙදර්ලන්තයට එරෙහි තරගයෙන් ලකුණු 21 ක තියුණු ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් සියල්ලන්ම ලකුණු 213 ට දවා ගනිමින් ජයග්‍රහණයට අවශ්‍යය මාවත පාදා ගත්තද එහි නිවැරදිව ගමන් කරන්නට නෙදර්ලන්තයට නොහැකි වුණා.ජයග්‍රහණය සඳහා අවශ්‍යය මාර්ගය පන්දු යැවීමෙන් සකසා ගෙන බෙදා ගත් කිරි බඳුන පිතිකරණයේ නොසැලකිල්ල සහ අදක්ෂතාවය මෙන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අත්දැකීම් සහිත උපායශීලීත්වය හමුවේ ඉහිරවා දමා ගනු ලැබුවා.


පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළේ පළමු කඩුලු 4 බිඳ වැටුණේ ලකුණු 34 ක් ලකුණු පූවරුවේ සඳහන්ව තිබියදී යි.එම අවදාම් වොහොතේ කඩුල්ලට පැමිණි ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ඉණිමේ නැංගුරම බවට පත් වුණා.චණ්ඩ සුළගින් ලකුණු 150 ට ත් මෙපිටින් ගිලී යන්නට තිබුණ ශ්‍රී ලංකා ඉණිම 213 දක්වා රැඟෙන ගිය මේ නැංගුරම ඔසවන්නට විශාලම සහය ලබා දුන්නේ මහේෂ් තීක්ෂණයි.තීක්ෂණ ධනංජය සමඟ ලකුණු 77 ක සබඳතාවයක් ගොඩ නැඟවේ 8 වන කඩුල්ල සඳහායි.ඒ ශ්‍රී ලංකා ඉණිමේ වාර්තා වූ හොඳම කඩුලු සබදතාවය ද වෙනවා.


පන්දු 47 ක් පුරා සිය කඩුල්ල රැක ගනිමින් පසුපෙළ පිතිකරුවෙක් ලෙස මහේෂ් තීක්ෂණ රැස් කළ ලකුණු 28 ඒ මොහොතට සාපේක්ෂව ගතහොත් ශතකය ඉක්මවා ගිය ලකුණු ප්‍රමාණයක්.සිව්වන කඩුල්ලේ බිඳ වැටීමත් සමඟ පිටියට පිවිසි ධනංජය ද සිල්වා මන්දගාමී නොවුණු එහෙත් ප්‍රවේගකෘරී ද නොවුණු අපූරු ඉණිමක් දියත් කරමින් පන්දු 111 ක් තුළ ලකුණු 93 ක් ලබා ගනිමින් කැපී පෙණුනා.දිමුත් කරුණාරත්න ද ආරම්භක පිතිකරුවා සේ පැමිණ වහා වහා පැමිණ යළි ක්‍රීඩාගාරයට යන අවස්ථා හතරක්ම දැක පස්වන කඩුල්ල ලෙස දැවී යන විට ඔහු පන්දු 51 දී ලකුණු 33 ක දායකත්වයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබුණා.
වනිඳු හසරංග තුන් ඉරියව් ක්‍රීඩක දක්ෂතා ඇත්තෙක් සේ ප්‍රකට වුවත්,නිතර වගකීමෙන් පන්දුවට පහර දෙන ආකාරයක් පෙන්නන්නේ නැහැ.ඒ නිසාම ඔහු වේගයෙන් පහර දී ලකුණු ගලා ඒමේ කාර්යය සඳහා දායක වෙන්නට අධික වේගයෙන් උත්සාහ කර ලකුණු අඩු ගණනකට ක්‍රීඩා පිටියෙන් නික්ම යනවා.වේගයෙන් ආරක්ෂාව ගැන නොසිතා පන්දුවට පහර දන් වනිඳු තව මදක් ඉවසුවේනම් පන්දු 21 දී ලැබූ ලකුණු 20 ට වඩා විශාල ලකුණු ගණනක් ශ්‍රී ලංකා පිලට ලබා දීමේ හැකියාව තිබුණා.


පිළිතුරු ඉණිමට වඩා පහසුවෙන් පිළිතුරු දිය හැකිය යන අදහස පෙරදැරිව පැමිණි නෙදර්ලන්ත කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලැබූ ජයග්‍රහණයෙන් පමණ ඉක්මවා උදම් වී ඇති බව පැහැදිළි කළා.පන්දු යැවීමේ සිටම සිල්ලර මට්ටමෙන් ශ්‍රී ලංකාව සළකා ක්‍රීඩා කරන බව පෙන් වූ නෙදර්ලන්ත ක්‍රීඩකයෝ එහි ප්‍රතිපල හොඳින්ම භුක්ති වින්දේ පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේදී යි.
ඔවුන්ගේ මුල් කඩුලු දෙක ලකුණු පූවරුව 11 ක් ව තිබියදී අහිමිව තිබුණා.නමුත් එතැන් සිට වෙස්ලි බැරේසි (පන්දු 50 – ලකුණු 52) සහ බාස් ඩි ලීඩෙ (පන්දු 53 – ලකුණු 41) තෙවන කඩුල්ලට ලකුණු 77 ක් සබඳතාවයක් ඇති කර ගනු ලැබුවා.ඉන් අනතුරුව නෙදර්ලන්ත නායක ස්කොට් එඩ්වර්ඩ්ස් නොදැවී ලකුණු 67 ක් පන්දු 68 දී එක් කළ ද,ඔහු සමඟ කඩුලු සබඳතාවයක් පවත්වාගෙන යන්නට සහයකයෙක් සොයා ගැනීමට අපහසු වුණා.ඒ නිසා පන්දු ඕවර් 40 ක් නිමාවේ තවත් පන්දු ඕවර් 10 ක් ම ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාවට ලකුණු 21 ක් පිටුපසින්,ලකුණු 192 ක් ලබා සිටි නෙදර්ලන්ත ඉණිම නිමාවට පත් වුණා.
තරගාවලිය පුරාම පිතිකරුවන්ගේ ලකුණු සම්බන්ධයෙන් කතා කළ ද අප ස්කොට්ලන්තයට එරෙහිව පැවති තරගය ගැන අදහස් ඉදිරිපත් කරමින් මේ තරගාවලියේ ශ්‍රී ලංකාවේ සාර්ථකත්වයට වඩා වැදගත් මෙහෙවර ඉටු කරනු ලබන්නේ පන්දු යවන්නන් බව පෙන්වා දුන්නේ සුදුසුකම් තරගාවලිය සම්බන්ධයෙන් සටහන් කළ අවසාන ලිපියේදී යි.

https://sinhala.lankanewsweb.net/06/28/59689/ නෙදර්ලන්තයට එරෙහිව ඒ තත්ත්වය කදිමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් ප්‍රදර්ශනය කළ අතර ඒ අතරින් පිත්තෙන් අපූරු දායකත්වයක් දැක් වූ මහීෂ තීක්ෂණ පන්දු යැව්මේ දී නෙදර්ලන්ත පාලනයේ ප්‍රධාන අවිය වූවා.ඔහු ලකුණු 31 ට කඩුලු 3 ක් ම දවා ගනිමින් මේ ජයග්‍රහණයේ නිල නොවන වීරයා බවට පත් වුණා.
තරගාවලියේ මුල් තරග දෙකෙදී කඩුලු 11 ක් ඉතා අඩු ලකුණු ප්‍රමාණයකට දවා ගත් වනිදු ප්‍රදර්ශනය කළ පන්දු යැවීමේ ඉලක්කය රැක ගැනීමට අපොහොසත් වී ඇති බවත් පෙනෙන්නට තිබෙන අතර හෙට වන විට වඩාත් නිදුක් නිරෝගීව ක්‍රීඩා කිරීම සඳහාත් පන්දුවේ පතිත කිරීම ගැනත් සිතිය යුතුව ඇත.
පහතින් දැක්වෙන්නේ තරගයේ සම්පූර්ණ ලකුණු විස්තරයයි.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-qualifier-2023-1377745/netherlands-vs-sri-lanka-22nd-match-super-six-1377767/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan