*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙතට විපක්ෂ නායක සජිත්ගෙන් දැඩි ප්‍රහාරයක් (VIDEO)

විපක්ෂය ජනතාව පාරට රැගෙන එන්නට කටයුතු කරන බවත්, එමෙන්ම විපක්ෂය මේ රටේ බැංකු පද්ධතිය කඩා දැමීමට කටයුතු කරමින් සිටින බවත්, ඒ විපක්ෂයම මේ රටේ තැන්පතු ටික නැති කරන්නට කටයුතු කරන බවටත් ආණ්ඩුව කරන චෝදනාව සහමුලින්ම අසත්‍ය බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ණය ප්‍රතිව්‍යුහගතකරණයක් ගැන කතා කරන්නට සිදුව ඇත්තේ පොහොට්ටු ආණ්ඩුවේ සහ පොහොට්ටුවේ ජනාධිපතිවරයාගේ ක්‍රියා ක්‍රියාකලාපය නිසා බව පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව සහ ඒ ආණ්ඩුව බෙල්ලෙන් අල්ලා එළියට දමන්නට කටයුතු කළේ මේ රටේ ජනතාව බව පැවසූ විපක්ෂ නායකතුමා පීඩනය දරාගත නොහැකි තැන ජනතාව පාරට බහින එක වළක්වන්නට කිසිවකුට නොහැකි යැයිද පැවසීය.

ආණ්ඩුවේ මේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට විපක්ෂය ලෙස සමගි ජන බලවේගය විරුද්ධ වන්නේ ඇයිද යන්න තාර්කිකව කරුණු ඉදිරිපත් කරන බව පැවසූ විපක්ෂ නායකතුමා එයින් නොනැවතී මේ මොහොතේ ගත හැකි සහ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සැලසුම ද ඉදිරිපත් කරන බව පැවසීය.

මහ බැංකු අධිපතිවරයා සහ රාජ්‍ය මුදල් ඇමැතිවරයා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් නොකරන බවට පුන පුනා පැවසූ බව පැවසූ විපක්ෂ නායකතුමා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වුනු ගිවිසුමවත් රටට ඉදිරිපත් කරන්නට ආණ්ඩුව කටයුතු නොකළ බවද පැවසීය. ජාත්‍යන්තර වශයෙන් ප්‍රශස්ත ගනුදෙනුවක් තිබෙන බවට පුරසාරම් දොඩවන වර්තමාන ජනාධිපතිවරයා හරහා වඩා හොඳ රටට සුබදායී ගනුදෙනුවකට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකග කරවා ගැනීමට නොහැකි වූයේ මන්දැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකතුමා, මහ බැංකු අධිපතිවරයාම නිකුත් කළ වාර්තාව ප්‍රකාරව 16 සහ 17 වන පිටුවල සඳහන් පරිදි මීට වඩා ලිහිල් කොන්දේසි යටතේ මේ ගනුදෙනුව ලබාගත හැකිව තිබූ බවද පැවසීය.

ජනතාවගේ මුදල් පිළිබඳව තීන්දු ගැනීමට ඉදිරිපත්ව සිටින්නේ ජනතාවගේ මුදල් ගසා කනු ලැබූ සහ අවභාවිතා කළ ආයතන විසින් බවද විපක්ෂ නායකතුමා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකොට ඇති ගනුදෙනුවෙහි බරපතළ තත්ත්වය පිළිබඳ එකින් එක කරුණු ගෙන හැර පෑ විපක්ෂ නායකතුමා පවසා සිටියේ මේ තත්ත්වය වෙනස් කරන්නට නම් ආණ්ඩුව වෙනස් විය යුතුම බවය. ගජමිතුරු ධනවාදය වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් මේ ආණ්ඩුව විසින් සලසා දෙන බව පැවසූ විපක්ෂ නායකතුමා ප්‍රශස්ත යහපත් රාජ්‍ය පාලනයක් සහිත රටක් ගොඩනැගීමට කාලය පැමිණ ඇතැයි ද පැවැසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan