දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව වැඩි ඡන්ද 60කින් සම්මත වෙයි !

Date:

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු යෝජනාව වැඩි ඡන්ද 60කින් සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබී තිබුණු අතර ඊට විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 60ක් පමණි.

ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රශස්ථකරණය සඳහා අවශ්‍ය සියලුම අවසර මුදල් හා ආර්ථික ස්ථායීකරණ අමාත්‍යවරයාට ලබාදීම සඳහා වන එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසිනි.

අද (01) උදෑසන 09.30 සිට රාත්‍රී 07.30 දක්වා ඊට අදාළ විවාදය පැවැත්වුණු අතර ඉන් අනතුරුව ඡන්ද විමසීම සිදුකෙරිණි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට විවාදයේ අදහස් දැක්වීමට අවස්ථාව නොලැබීම නිසා ඔවුන් කථානායකවරයාට දැඩි විරෝධයක් පළ කළ අතර ඒ විරෝධය මධ්‍යයේම ඡන්ද විමසීම පැවැත්වීමට කථානායකවරයා කටයුතු කළේය.

ඡන්ද විමසීමෙන් අනතුරුව කථානායකවරයා නිවේදනය කළේ අදාළ යෝජනාව සංශෝධන සහිතව සම්මත වූ බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...