දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව වැඩි ඡන්ද 60කින් සම්මත වෙයි !

Date:

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු යෝජනාව වැඩි ඡන්ද 60කින් සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබී තිබුණු අතර ඊට විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 60ක් පමණි.

ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රශස්ථකරණය සඳහා අවශ්‍ය සියලුම අවසර මුදල් හා ආර්ථික ස්ථායීකරණ අමාත්‍යවරයාට ලබාදීම සඳහා වන එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසිනි.

අද (01) උදෑසන 09.30 සිට රාත්‍රී 07.30 දක්වා ඊට අදාළ විවාදය පැවැත්වුණු අතර ඉන් අනතුරුව ඡන්ද විමසීම සිදුකෙරිණි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට විවාදයේ අදහස් දැක්වීමට අවස්ථාව නොලැබීම නිසා ඔවුන් කථානායකවරයාට දැඩි විරෝධයක් පළ කළ අතර ඒ විරෝධය මධ්‍යයේම ඡන්ද විමසීම පැවැත්වීමට කථානායකවරයා කටයුතු කළේය.

ඡන්ද විමසීමෙන් අනතුරුව කථානායකවරයා නිවේදනය කළේ අදාළ යෝජනාව සංශෝධන සහිතව සම්මත වූ බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...

ධන කුවේරයන්ගෙන් හිනි පෙත්තටම යන රටවල්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  බිලියනපතියන්ගේ ධනයෙහි ගෝලීය...

ණය සඳහා ඉල්ලුම් කිරීමෙන් පමණක් කර්මාන්ත ගොඩගන්න බැහැ – මූල්‍ය කළමනාකරණය ගැන හිතුවාද?

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:අපදාවෙන් විපතට පත් කර්මාන්තකරුවන්...