ශ්‍රී ලංකා දත්ත ආරක්ෂන අධිකාරියේ උසස් නිළධාරීන් හා වොෂින්ටන් තානාපති හමුව….!

Date:

අශෝක ජයතුංග

ජූලි 02, වොෂින්ටන් LNW :

ඇමෙරිකාවේ නිළ සංචාරයක් සදහා පැමිණි ශ්‍රී ලංකා දත්ත ආරක්ෂන අධිකාරියේ (Data Protection Authority) හි උසස් නිළධාරීන් වොෂින්ටන් තානාපති කාර්යාලයේදී තානාපති මහින්ද සමරසිංහ මහතා හමුවූහ.

ඇමෙරිකාවේ වානිජ දෙපාර්තමේන්තුවේ වානිජ නීති සංවර්දන වැඩ සටහන යටතේ එරට සංචාරයකට එක්වූ එම දූත පිරිස එම ආයතනයේ හා අනුබද්ධ ආයතන මෙන්ම පෞද්ගලික අංශය සමග ද විවිධ ක්‍රියාකාරකම් හා අදහස් හුවමාරු කරගැනීම් වලට එක්වූහ.

අනතුරුව තානාපති සමරසිංහ මහතා සමග කල සාකච්ඡාවේදී අධිකාරියේ ව්‍යවස්ථාපිත පදනම හා ආයතනයේ අනාගත සැළසුම් මෙන්ම ඇමෙරිකානු සංචාරයේ ප්‍රගතිය ගැන ද අවධානය යොමු කෙරිණ. එම සංචාරයේ දී ලබාගත් අත්දැකීම් හා දැනුම ශ්‍රී ලංකාවේ දී භාවිතා කිරීම ගැන ද එහිදී අදහස් හුවමාරු විය.

ඇමෙරිකාව හා එරට ආයතන සමග අඛණ්ඩ සබදතා වර්දනය හා අදාළ පසුවිරම් වලදී උපරිම සහාය ලබාදීමට ද  තානාපති සමරසිංහ මහතා එහිදී එකඟත්වය පළ කළේය.

අධිකාරියේ සභාපති අර්ජුන හේරත් වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් වරුණ ශ්‍රී ධනපාල  නීති කෙටුම්පත් නිළධාරිනී දිල්රුක්ෂි සමරවීර හා අධ්‍යක්ෂවරුන් වන සෞම්‍ය අමරසේකර නිසිත් අබේසූරිය ෂෙහාන් විජේතිලක මහත්ම මහත්මීන් මෙම හමුවට එක්වූහ.

තානාපති මහින්ද සමරසිංහ මහතා මෙන්ම වොෂින්ටන් තානාපති කාර්යාල නි: දූත මණ්ඩල ප්‍රධානී රොහාන් අඔගොල්ල වානිජ අංශ ප්‍රධානී චරිත යට්ටෝගොඩ හා දේශපාලන අංශ ප්‍රධානී නිශාන් මුතුක්‍රිෂ්ණ මහත්වරුද එම අවස්ථාවට එක්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...