කථානායකගේ හැසිරීම් රටාව ගැන විපක්ෂය හැටියට තීන්දුවක් ගන්නවා – සජිත්

Date:

ඊයේ (01) පැවති දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්බන්ධ විවාදයේදී කථික ලැයිස්තුවෙහි සිටි මන්ත්‍රීවරුන් පිරිසකට සිය අදහස් දැක්වීමට අවස්ථාව ලබානොදී ඡන්ද විමසීම පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කිරීම විපක්ෂයේ දැඩි විරෝධයට ලක්ව තිබිණි.

ඒ අනුව විපක්ෂයේ අනෙකුත් සියලුම පක්ෂ සමඟත් සාකච්ඡා කර, කථානායකවරයාගේ මේ හැසිරීම් රටාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

“අනිවාර්යයෙන්ම අපි අපේ සහෝදර විපක්ෂයේ අනෙකුත් පාර්ශ්වත් එක්ක සාකච්ඡා කරලා, අපි කථානායකවරයාගේ මේ හැසිරීම් රටාව පිළිබඳව පැහැදිලිවම තීන්දුවක් ගන්නවා”

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා සිද්ධිය විස්තර කළේ මෙසේය.

“පාර්ලිමේන්තුවේ කථානායකවරයා උම්මත්තක, අත්තනෝමතික කථානායකවරයෙක් විදියට හැසිරෙන්නේ. පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය සහ අතිරේක මහලේකම්තුමා දැනුම් දුන් පරිදි සියලු කථිකයින්ගේ වෙලාවල් – රජය විවේචනය කිරීමටත් , රජයට පක්ෂව කතා කිරීමටත් – රාත්‍රී 09.00 දක්වා දීර්ඝ කරලා තියෙනවා කියලා තියෙද්දී, කථානායක ගෙදර ගිහිල්ලා බුදියාගෙන ඉඳලා ඇවිල්ලා, කාගෙදෝ ඕඩරයක් අරගෙන මේ පාර්ලිමේන්තුව එයාගෙ පෞද්ගලික දේපළක් වගේ පාවිච්චි කරමින් මේ රජයට කඩේ යමින් විපක්ෂයේ චෝදනාවලට මුහුණ දෙන්න බැරුව විවාදය නැවැත්තුවා”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...