නතාෂා – නීතිමය තත්වය

Date:

අපරාධ නඬු විධාන සංග්‍රහයේ මහාධිකරණය විසින් විභාග කල යුතු බව දැක්වෙන මිනී මැරීම වැනි වැරදි සහ පොදු දේපල පනත, පුරා විද්‍යා පනත, වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත, පීඩාකාරී ආයුධ පනත, මෙන්ම අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත වැනි විශේෂ පනත් යටතේ පොලිසිය හෝ නීතිපතිවරයා විසින් යමෙකුට එරෙහිව සැක පිට හෝ චෝදනා නඟමින් අධිකරණය හමුවට පමුණුවන සැකකරුවකුට හෝ චූදිතයෙකුට ඇප දීමේ බලයක් මහේස්ත්‍රාත් තිලින ගමගේට තබා ලංකාවේ කිසිදු මහේස්ත්‍රාත්වරයෙකුට නැත.

නතාෂා සම්බන්ධ නඬුවද එවැනිම එකකි.

මට අනුවනං නතාෂා සිදුහත්ටවත් බෞද්ධයන්ටවත් කර ඇති කිසිදු අපහාසයක් නැත.

මම මහේස්ත්‍රාත්වරයෙකුනම් සහ නතාෂා ඉදිරිපත් කරන්නේ මා ඉදිරිපිටටනං ව්‍යවස්ථාපිත නීතියට අනුව ක්‍රියා කරනවා මිසක මගේ පුද්ගලික අදහස මත මගේ අභිමතය භාවිතා කරමින් නතාෂාට ඇප දීමේ බලයක් හෝ හැකියාවක් මට නැත.

“ඇප දීමේ බලයක් මට නැත.හැකියාවක් ඇත්නම් මහාධිකරනය හමුවේ ඇප ඉල්ලුම්පතක් ගොනු කර ඇප ඉල්ලන්න” වැනි දෙයක් මිසක මට වෙන කීමට දෙයක් නැත.

පනතේ 03(11) වගන්තිය යටතේ පොලිසිය අධිකරණයට කරුනු වාර්තා කර ඇත.03(111) වගන්තියෙන් දැක්වෙන්නේ එවැනි චූදිතයෙකු “විශේෂිත කරුනු මත” මහාධිකරනයෙන් පමනක් ඇප මත මුදා හැරිය හැකි බවය.

අදාල වගන්තිය පහත දක්වා ඇත.

මෙය නතාෂාගේ නීතිඥයින් නොදන්නා නීතියක් නොවේ.

කල යුතු දේ හැකි ඉක්මනින් කරනවා මිසක මහේස්ත්‍රාත්වරයාගේ පුද්ගලික ඉතිහාසය හාරා අවුස්සමින් ඔහුට අපහාස කර කර සිටීම නොවේ.

විනිසුරුවරයෙකුගේ නියෝගයක් හෝ තීන්දුවක් අභියෝගයට ලක් කිරීම හෝ විවේචනය කිරීමට ඕනෑම අයෙකුට හැකිය. එය කල යුත්තේ රටේ පිලිගත් නීතිමය රාමුව තුලය.

එසේ නොමැතිව විනිසුරුවරයාගේ චරිතය විවේචනය කිරීමට යාමෙන් වන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත තවත් කිහිප දෙනෙකුටම හිරබත් කෑමට සිදු වීමය.

නීති සකසන්නේ අධිකරණය නොව පාර්ලිමේන්තුව ය.පාර්ලිමේන්තුවට ඒ සඳහා නියෝජිතයින් තෝරා පත් කර යවන්නේ අපි අපමය.

කෙටියෙන් කිවහොත් නතාෂා රිමාන්ඩ් භාරයට පත් කර ඇත්තේ වෙන කවුරුත් නොව අපි අපිම බවය.

~ නීතීඥ වසන්ත සිරි වටගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ තවත් අදියරක්!

කොළඹ LNW: ස්විස්ට්සර්ලන්ත - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය...

ආණ්ඩුව පීචංද ?

කොටුව බස් ස්ටෑන්ඩ් එක නවීකරණය කරන උත්සවය වෙලාවේ ප්‍රසිඩන්ට්...