*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ඔලිම්පික් කමිටුවේ ජාතික සැළස්ම වෙනුවෙන්. ඇමති කේවට්ටයන් ඇන්ද වූ සීතාම්බර සළු ඉවත් කරයිද

ජාතික ඔලිම්පික් කමිටුව ජාතික වශයෙන් ක්‍රීඩාව නඟා සිටුවීමේ වැදගත්කම තේරුම්ගෙන ඒ සඳහා වන ජාතික සැළස්මක් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.ඒය ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ක්‍රීඩා වන ක්‍රීඩා සංගම් සහ සම්මේලන නියෝජිතයින් වෙත ඉදිරිපත් කිරීම ජූනි 30 වන දින ජාතික ඔලිම්පික් කමිටුවේ හේමසිරි ප්‍රනාන්දු ශ්‍රවණාගාරයේදී සිඳු විය.

ඒ පිළිබඳව තව දුරටත් සාකච්ඡා කර සමස්ත රටට එහි අවශ්‍යයතාවය ගෙන යාම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීම අවශ්‍යය වුවත් ලෝකයේ ඉහළම ක්‍රීඩා පරිපාලනය,ප්‍රවර්ධනය ආදි කරණු සම්බන්ධ විශේෂඥයන් සමඟ සම්බන්ධකම් ඇති ජාතික ඔලිම්පික් කමුටුවෙන් එවැනි ප්‍රයෝජන ගන්නට ක්‍රීඩා අමාත්‍යංශයේ සූදානමක පෙනෙන්නට නැත.අඩුම තරමේ නව අත්දැකීම් සහිත ක්‍රීඩාවටම සම්බන්ධ හොඳම පිරිස් ප්‍රතිපත්ති සහ සැළසුම් නිර්මාණය කිරීම වෙනුවෙන් එහි රඳවා තබා ගත යුතු වුව ද,ක්‍රිඩා පණතෙන් ක්‍රීඩා පරිපාලන මට්ටු කරන ක්‍රීඩා ඇමතිවරයා පළාත් සහ ජාතික ලෙස බෙදී ඇති ක්‍රීඩා පත්වීම්වල ස්වරූපය එකක් කර ජාතික වශයෙන් දක්ෂයන්ගෙන් වැඩ ගැනීමේ සැළසුමක් ආරම්භ කරන්නට සූදානම් නැත.
ජාතික ඔලිම්පික් කමිටුව ගෙන එන වැඩ පිළිවෙලේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ රටේ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීමය.එවිට ක්‍රීඩාව සම්බන්ධයෙන් දැනුවත් සහ වින්දනීය බුද්ධියක් සහිත ප්‍රජාවක් නිර්මාණය වේ.එම තත්ත්වය මත ක්‍රීඩාව පිළිබඳ යහපත් වෙනස්කම් ඇති කිරීම සඳහා වන සමාජිය ගාමක බලයක් ඇති වීම වැදගත් පියවරක් වනු ඇත.

පදක්කම් යනු එවැනි සමාජයකට අහම්බයක් නොවේය.ක්‍රීඩාව සම්බන්ධ සමාජිය කියවීම,සාහිත්‍යමය සහ කලාත්මක වශයෙන් ද පෝෂණය විය යුතු මට්ටමක පවතින අතර ප්‍රවර්ධනය යන වැදගත්ම නූතණ ක්‍රිඩාවේ වැදගත් අංශය වෙත යහ මනසින් සමාජය යොමු කිරීමේ සැළසුම් සකස්වන්නට ගන්නේ එතැන් සිටය.ග්‍රාමීය වශයෙන් ක්‍රීඩාවේ භූ විද්‍යාත්මක සාධක හඳුනාගැනීම යනු නිලධාරි එකෙකුගේ දෙන්නෙකුගේ කාර්යයක් නොවන අතර සමාජයට ද ඒ සම්බන්ධ කියවිමක් සහ දැනුමක් තිබීම ක්‍රීඩාවේ උන්නතියට සමාජීය වශයෙන් ලැබෙන උත්තේජනය තාර්කික වීමට වැදගත්ය.
“කෝ පදක්කම්” යැයි ඇසීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයක් තිබිය යුතු නැත.ඒ පදක්කම් එන්නට පොළව මඩ කර,සකසා සරු බීජ ඉස දීම ක්‍රිඩා පරිපාලනයේ වගකීමය.එවැනි පොළවක් ගැන දැනුමක් සහ අවබෝධයක් ඇති අමාත්‍යවරයෙක් වෙනුවට අපට ඉන්නේ ක්‍රීඩාවේ මූලික හරයන් පිළිබඳව අවබෝධය වෙනුවට පාලනයෙන් ලද කඩුව හිතූ හැටියට වනන්නට හදන අයෙක්ය.ඔහුටම හරියන ලෙස උපදෙස් දෙන්නට හදාගෙන ඇති ඇරියස්කාර සාමාජිකයන් ගහන ජාතික ක්‍රීඩා සභාවක්ය.

ඒ නිසා අමාත්‍යංශය මදක් නිවිය යුතුය.ජාතික ඔලිමිපික් කමිටුව ක්‍රීඩාව සම්බන්ධ දෙස් විදෙස් ප්‍රාඥයන් එකතු කර සකසා ඇති මේ සැළසුම සාකච්ඡා කර “කො පදක්කම්” යැයි අසන ප්‍රශ්නය අසන්නට සුදුසුකම් සකසා ගැනීමේ ක්‍රියාවලියක් සකසා ගත යුතුය.මේ සාකච්ඡාවේදී ද දැන ගන්නට ලැබුණේ බොහෝ ක්‍රීඩාවන් අසරණව නැවති ඇි බවය.එයට එක හේතුවක් සේ ඔවුන් දක්වන්නේ ක්‍රිඩා අමාත්‍යංශයෙන් මුදල් නොලැබිමය.එය නමුත් වැදගත් නැත.ක්‍රිඩා අමාත්‍යංශය සංචාර යන්නට මුදල් දෙන අරමුදල් සකසන තැනක් නොවී සංචාර යන්නට සහ ගොස් ජයගන්නට අවශ්‍යය පරිසරය සැකසීම සඳහා මැදිහත් විය යුතු ආයතනයක් විය යුතුය.බලයට එන ක්‍රීඩා සංගම් ප්‍රධානීන් අනුග්‍රහයන් සොයා ගැනීමට පොහොසත් විය යුතුය.ජාතික ඔලිම්පික් කිමිටුව සිය වැඩ පිළිවෙල නිර්භිතව ඉදිරිපත් කරන්නේ තමන්ට ඇති දෙස් විදෙස් අනුග්‍රාහක මෙවලම් සමඟ සිය සැළසුම් යාථාර්තයක් කළ හැකි දැක්මක් සහිතව බව සහතිකය.ක්‍රිඩා සංගම් ආදර්ශයට ගත යුත්තේ එයය.

ක්‍රිඩා අමාත්‍යංශය ද මෙහිදී අසමත්ය.ඔවුන් සංචාරයකට යන්න මුදල් දීමෙන් ඔබ්බට යටිතල පහසුකම් සැකසීමේ සහ ක්‍රීඩා පොළව විධිමත් කර ව්‍යාප්ත කිරීමේ කාර්යේදී අසමත්හූය.තමන්ගේ ජාතික ක්‍රීඩා සභාවේ ඉන්න පුද්ගයෙක්ද සම්බන්ධ දියගම ධාවන පථය එලීමේ ක්‍රියාවේ ධාවන පථවල ඉරි දැන්මම මැකී ඇත.උදෑසවන සිට අමාත්‍යංශයේම ලගින මේ නිලධාරියාට ලියුම් ගසන්නට අවශ්‍යය නැත.ඒ කාර්යය නිවැරදි කර දෙන්නට අමාත්‍යවරයාට කණට කර කීමේ හැකියාව ඇති කරම් ඔහු සමීප ඇසුරක යෙදෙන්නේය.
සිදු විය යුතු එවැනි දේ නොකර “පදක්කම් කෝ” කියා ඇසීම පලක් නැත.දැනවත් උද්ධච්ඡකම මතුවන්නේ මෝඩකමේ ප්‍රතිපලයක් ලෙස අවබෝධ කරගෙන ක්‍රීඩාව වෙනුවෙන් ජාතික ඔලිමිපික් කමිටුවේ වැඩ සැළසුම දියක් තරන්නට සහ එහි සිඳුවිය යුතු වෙනස්කම් හෝ ඇතුළත් විය යුතු අලුත් දේ ඇත්නම් එක මේසයක ඉදගෙන කතා කර රටේ ක්‍රීඩාවට වැඩක් කළ හැකිනම් අපූරුය.

මේ කාර්යය පහසු නැත.මල්මාල් ගෙන ඒම,මල් කළඹවල් ඇණවුම් කිරීම ආදි කරුණු අතර ස්ර් තමයි ක්‍රීඩාවේ හැම තීරණයම ගන්න ඕනි,ඔලිම්පික් එකට දෙන්න එපා කියා කියන පිරිස් මේ මොහොතෙත් ක්‍රීඩා අමාත්‍යවරයාට හිඟ නැත.අමාත්‍යවරයා ඒවා ගන්නේ ප්‍රශස්ති ගාණටය.රටේ හිටපු ක්‍රිඩා ඇමතිවරුන්ටත් ඒ විදිහටම ඔවුහු ප්‍රශස්ති ගැයුවෝ වෙති.එහෙත් ක්‍රිඩා අමාත්‍යවරු ඒ සිංහයන් සහ කොටින් සමඟ සටන් කළ නොහැකි නරින් ඔවුන් අවුලවා සිංහ සහ කොටි මස් මහන්සියකින් තොරව කන්නට දරන වෑයමක් ලෙස තේරුම් නොගන්නේය.
මරු හැඩයි කියා කියන වන්දිභට්ටයන් ක්‍රිඩා අමාත්‍යවරයාව පුර සංචාරය රැඟෙන යන්නේ සීතාම්බර සළුවෙන්ය.ඒහිදී හූ තබන පිරිසි ගැන නොව හූ තබන්නට හේතුව සොයා ගන්නේනම් යහපත වනු ඇත.ඒ නිසා සීතාම්බර සළුවලින් මිදී කටුක කෙළිබිම වැඩබිමක් කරන්නට සහ එය අස්වද්දන්නට දැන්වත් ජාතික ඔලිම්පික් කමිටුව සැකසූ ජාතික සැළසුම සාකච්ඡාවට ගැනීමට උත්සාහ කළ හැකිනම් රටේ ක්‍රීඩාවට වගේම ක්‍රීඩා අමාත්‍යවරයාගේ නමටද යහපතක් විය හැකිය.ඒ සඳහා දැනට යොදා ගන්නා කේවට්ටයන් වෙනුවට විශ්ව විද්‍යාල මට්ටමෙන් සිටින ක්‍රීඩා විෂය සම්බන්ධ න්‍යායාත්මක දැණුමක් ඇති පිරිස් සාකච්ඡා මේසයට කැඳවීම වැදගත් වනු ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan