ටෙස්ලා අලෙවියෙහි යම් වර්ධනයක්!

Date:

සටහන – පුන්සරා ලියනගේ

ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):මේ වසර මුලදී සැලකිය යුතු පසුබෑමකට ලක් වූ ටෙස්ලා අලෙවිය, මේ වනවිට යම් වැඩි වීමක් පෙන්නුම් කරයි.

ඊලොන් මස්ක්ගේ විදුලි මෝටර් රථ නිෂ්පාදනය ජුනි 30 න් අවසන් වූ මාස තුන තුළ වාහන 444,000 කට ආසන්න ප්‍රමාණයක් බෙදා හැර ඇති අතර එය පෙර කාර්තුවට වඩා 14% කට වඩා වැඩි ය.

එය බොහෝ විශ්ලේෂකයින් බලාපොරොත්තු වූවාට වඩා බෙහෙවින් වැඩි අලෙවියකි.

ඉහළ ණය ගැනීමේ පිරිවැය ගැනුම්කරුවන් මත බර පැටවීම සහ තරඟකාරිත්වය වැඩි වීම නිසා ටෙස්ලා ඉල්ලුම මන්දගාමිත්වයකින් ගමන් කරයි.

අඩු වියදම් ණය ගැනීමේ සැලසුම් ද හඳුන්වා දෙන අතරම, වාහන ගැණුම්කරුවන්ගේ හිත දිනා ගැනීමට උත්සාහ කිරීම සඳහා එහි මිල ගණන් අඩු කරනු ඇත.

සිය ශ්‍රම බලකායෙන් 10% කට වැඩි ප්‍රමාණයක් සේවයෙන් පහ කිරීමට අප්‍රේල් මාසයේදී සැලසුම් ප්‍රකාශයට පත් කළ සමාගමෙහි, වසරේ මුල් භාගයේ විකුණුම් පහත වැටී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – දෙමව්පියන් නිහඩ විරෝධයක් අරඹයි!

කොළඹ LNW:තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක...

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...