රාජ්‍ය දේපළ ප්‍රතිව්‍යුහගත කරන්නේනම් එහි නිර්නායක වහා රටට හෙලි කරන්න- නාමල්

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 03, කොළඹ (LNW):

රාජ්‍ය දේපළ ප්‍රතිව්‍යුහගත හෝ විකිණීම සිදු කරන්නේ නම් ඒ සදහා ඉදිරිපත් වන සමාගම් හෝ පුද්ගලයින් පිලිබදවත් ඔවුන්ට එම රාජ්‍ය ආයතන ලබාදීම සදහා සලකා බලනු ලැබූ නිර්නායකයන් මොනවාදැයි වහාම රටට හෙලිකරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය .

විශේශයෙන්ම මත්තල ගුවන් තොටුපොළ හිල්ටන් හෝටලය මෙසේ ප්‍රතිව්‍යුහගත කරනවානම් එයට ආයෝජනය කිරීමට පැමිණි අයවලුන්ට එම ආයතන ලබාදීමේදී අනුගමය කල ක්‍රියාපටිපාටිය කුමක්ද?ඒ වගේම සළකා බැලූ නිර්නායක මොනවාද යන්න රටට හෙලිදරව් කළයුතු බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටී.

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරනවානම් ඊට සුදුසු සමාගම් හෝ පුද්ගලයින්ට ලබාදිය යුතුබවත් වඩාත් පාරදෘශ්‍ය හා විනිවදභාවයකින් සිදුකල යුතු බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.තවද පාරදෘශ්‍යභාවයකින් තොරව කඩිමුඩියේ කරන ගනුදෙනුවලට තමා විරුද්ධ බවත් නාමල් රාජපක්ෂ පවසයි.

නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසූවේ, කෙසේවෙතත් රාජ්‍ය ආයතන විකිණීම තමන්ගේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තය නොවන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග යුද්ධය නිසා අප රටට සිදුවන බලපෑම් ගැන රජයේ අවධානය මීට වඩා යොමුවිය යුතුයි – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල ඉරාන - ඊශ්‍රායල යුද්ධය තුළ බරපතල...

කෙහෙළියගේ බාල එන්නත් තුළ විෂ බැක්ටීරියා සහ ලුණු – ජර්මනියේ පරීක්ෂණයකින් අනාවරණය වෙයි !

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ සිටියදී මිලදීගත් ප්‍රශ්නගත "ඉමියුනොග්ලිබියුලීන්"...

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...