බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව (ICT) විසින් මාස හයක සිර දඬුවමක් නියම කර තිබේ.

විනිසුරු ගෝලම් මෝර්ටුසා මොසුම්දර්ගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක් විසින් මෙම තීන්දුව ලබා දී ඇති අතර හිටපු අගමැතිනි මේ වන විට රටින් පලාගොස් ඇති බැවින් ඇය අත්අඩංගුවට ගැනීම හෝ ස්වේච්ඡාවෙන් යටත් වීම මත දඬුවම ක්‍රියාත්මක වන බව ප්‍රධාන අභිචෝදක මුහම්මද් තාජුල් ඉස්ලාම් සඳහන් කර තිබේ.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ශිෂ්‍ය නායකත්වයෙන් යුත් නැගිටීමකින් පසු ඉන්දියාවට පලා ගිය හසීනාට එරෙහිව චෝදනා කිහිපයක් එල්ල වී ඇති අතර මෙම නඩුවකදී ඇයට විධිමත් දඬුවමක් ලැබුණු පළමු අවස්ථාව මෙයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ...