දිස්ත්‍රික්ක 17ක ජනතාවට හෙට සිට කොළඹ නෑවිත් දවසෙන් පාස්පෝට් ගන්න අවස්ථාව !

Date:

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව හෙට (04) සිට කොළඹට අමතරව තවත් නගර තුනක ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලවලදී ආරම්භ කෙරේ.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතාගේ උපදෙස් අනුව සතියක් වැනි කෙටි කාලසීමාවක් තුළ මේ සඳහා කටයුතු සම්පූර්ණ කිරීම විශේෂත්වයකි.

ඒ අනුව විදෙස් ගමන් බලපත්‍ර එක්දින සේවාව ලබාගැනීම සඳහා මෙතෙක් කොළඹට පැමිණි පහත සඳහන් දිස්ත්‍රික්කවල ජනතාවට පහත දැක්වෙන කාර්යාලවලින් එම සේවාව හෙට දිනයේ සිට ලබාගත හැකි බවයි අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සඳහන් කළේ.

  1. මාතර, මොණරාගල, හම්බන්තොට, ගාල්ල යන දිස්ත්‍රික්කවල ජනතාවට – මාතර කාර්යාලය
  2. මහනුවර, මාතලේ, නුවර එළිය, බදුල්ල, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ජනතාවට – මහනුවර කාර්යාලය
  3. වව්නියාව, යාපනය, ත්‍රිකුණාමලය, කිලිනොච්චි, මුලතිව්, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ජනතාවට – වව්නියාව කාර්යාලය

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැණික් සමඟ කොටු වූ ගුවන් මඟී දෙදෙනා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : මැණික් තොගයක්...

දිට්වා නිසා වැටුණු ව්‍යාපර ගොඩගන්න බැංකුවෙන් දෙන සහන මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා ආපදා හේතුවෙන් හානි වූ අවහිරතා...

වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!

කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට...