කිරිඳිවැලදී හමු වූ රු.මි 22.5ක ‘අයිස්’..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW :

කිරිඳිවැලදී රුපියල් මිලියන 22.5ක් වටිනා ‘අයිස්’ (Ice) මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනේ.

කිරිඳිවැල, දික්කන්දවත්ත ප්‍රදේශයේදී ‘අයිස්’ (Ice) ලෙස පොදුවේ හැඳින්වෙන ස්ඵටික මත්ද්‍රව්‍ය (crystal methamphetamine) කිලෝග්‍රෑම් 1.85ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 22.5ක් පමණ වෙතැයි පොලිසිය පවසයි.

පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, සැකකරු සතුව තිබූ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු හෙට දින පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...