සටහන – රුවන් නෙළුගොල්ල
ජීවන වියදම ඉහළයාමට සහ අධික බදු බරට එරෙහිව ඊයේ (03) කොළඹ පිටකොටුවේදී ජන අරගල ව්‍යාපාරය පැවැත්වූ උද්ඝෝෂණයට සහභාගීව සිටි 06 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්යම කාරකසභික සුජිත් කුරුවිට ඇතුළු හයදෙනෙකු මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බලපත්‍ර නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සහ අයුතු ජනරාශිය යන චෝදනා යටතේ බව සඳහන්.
ඔවුන් උද්ඝෝෂණය සඳහා භාවිතා කළ ශබ්ද විකාශන යන්ත්‍ර සහ ඒවා ප්‍රවාහනය කළ ලොරි රථය ද පොලිස් භාරයට ගෙන ඇති බවත් වාර්තා විය.


