අහස ජයගත් එමිරාටි කාන්තාවෝ! Emirates ඉතිහාසයේ පළමු එමිරාටි කාන්තා කැප්ටන්වරුන් ලෙස හනාන් සහ බඛීතා!

සටහන – පුලී

ජූලි 03, LNW (කොළඹ): කැපවීම, අඛණ්ඩ උත්සාහය සහ දැඩි පුහුණුව තුළින් සිහින සැබෑ කරගත හැකි බව නැවතත් ඔප්පු කරමින්, Emirates ගුවන් සමාගමේ පළමු එමිරාටි කාන්තා ගුවන් කැප්ටන්වරුන් ලෙස හනාන් මොහොමඩ් ජවාඩ් සහ බඛීතා අල් ම්හෙයිරි ඉතිහාසයට එක්වී තිබේ.

Emirates Group ජාතික කැඩෙට් ගුවන් නියමු වැඩසටහන හරහා සිය වෘත්තීය ගමන ආරම්භ කළ ඔවුන් දෙදෙනා අද වන විට Boeing 777 ගුවන් යානා මෙහෙයවන කැප්ටන්වරුන් ලෙස සිව්වන නිල පටි (Fourth Stripes) හිමිකරගෙන ඇත.

වසර 18කට පෙර, වයස අවුරුදු 20 දී Emirates සමඟ කැඩෙට් ගුවන් නියමුවරියක් ලෙස එක් වූ හනාන් මොහොමඩ් ජවාඩ් මේ වන විට පැය 9,200කට වැඩි ගුවන් පියාසර අත්දැකීමක් ලබාගෙන තිබේ.

තම සාර්ථකත්වය පිළිබඳ අදහස් දක්වමින් ඇය පැවසුවේ, කුඩා කාලයේ සිටම ගුවන් සේවය පිළිබඳ තිබූ ආශාව තමන්ගේ ජීවිතයේ ප්‍රධාන බලවේගය වූ බවයි.

“මම පොඩි කාලේ ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් මහත්තයා ගුවන් යානයක සිටින ඡායාරූපයක් දැක්කාම ‘මොහොමඩ් බාබා පියාසර කරනවා’ කියලා කියනවා මට තවම මතකයි,” යැයි 38 හැවිරිදි හනාන් ජවාඩ් සඳහන් කළාය.

පළමු නිලධාරිනියක (First Officer) ලෙස සිට ගුවන් කැප්ටන් තනතුර දක්වා පැමිණීම දිගු සහ අභියෝගාත්මක ගමනක් වූ බව ඇය පැවසුවාය. නිරන්තරයෙන් දැනුම යාවත්කාලීන කිරීම, දීර්ඝ අධ්‍යයනය, විභාග සහ නොනවතින කැපවීම මෙම ජයග්‍රහණයට මූලික හේතු වූ බවද ඇය අවධාරණය කළාය.

මෙම ඉතිහාසගත ජයග්‍රහණය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තාවන් ගුවන් සේවා ක්ෂේත්‍රයේ ඉහළම තනතුරු කරා ළඟා විය හැකි බවට ප්‍රබල පණිවිඩයක් ලබාදෙන අතර, ලොව පුරා ගුවන් නියමුවරියන් වීමට සිහින දකින තරුණියන්ටද මහත් ආදර්ශයක් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන්දි ගෙවීම සම්බන්ධ ගැටළුව අධිකරණය විසින් නිරවුල් කිරීමෙන් පසු කෙහෙළියට ඇප!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පසුගිය රජය සමයේ...

රු. මි. 51ක් වටිනා කුෂ් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර...

කොත්මලේ වාන් දොරටු විවෘත කිරීමට පෙර මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කොත්මලේ...