සටහන – රුවන් නෙළුගොල්ල
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවේ අන්තර්ගත “කුමන්ත්රණය” නමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්රතිෂේප කර තිබේ.
එම ප්රතිශෝධන පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්රේමචන්ද්ර යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එහි තීන්දුව ප්රකාශයට පත් කරමින් අද (03) සඳහන් කළේ පෙත්සම නිශ්ප්රභ කරන බවයි.


