දහසකට අධික ඉංජිනේරුවරුන් අද (04) ලෙඩ වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 04, කොළඹ (LNW):

අද (04)දින පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතනවල සේවය කරන දහසකට අධික ඉංජිනේරුවරුන් අසනීප නිවාඩු වාර්තා කරමින් සංකේත වර්ජනයකට පිවිසෙන බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය අවධාරණය කරයි.

රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ ලේකම් එල්. එස්. සූරියබණ්ඩාර පැවසූවේ, රජයේ විධායක නිලධාරීන් සදහා ගෙවනු ලබන රුපියල් විසි පන්දහසක දීමනාව ගෙවීමේ දී 2012 වසරේ සිට ගෙවනු ලැබූ රුපියල් පහළොස් දහසක තම දීමනාව කප්පාදු කිරීමට ගෙන ඇති තීරණය මුල් කරගනිමින් මෙම වර්ජනය සිදුකරන බවයි.

ඊයේ (03) දින කොළඹ පිහිටි ශ්‍රී ලංකා වෘත්තිය සංගම් සංවිධාන පරිශ්‍රයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව කියා සිටියේය.

”රජයේ විධායක නිලධාරීන් සදහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් රුපියල් විසි පන්දහසක විශේෂ මාසික දීමනාවක් ලබාදෙන බව පසුගිය 27 වැනිදා විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබෙනවා. මෙම චක්‍රලේඛයේ අවසන් පරිච්ඡේදයේ ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ සුවිශේෂීභාවය මත පදනම්ව 2012 වසරේ සිට රාජ්‍ය ඉංජිනේරුවරුන් සඳහා ගෙවනු ලබන රුපියල් පහළොස් දහසක දීමනාව නොකරන බව දැනුම් දී තිබෙනවා. මෙය අසාධාරණ ක්‍රියාවක්.

රජයේ අමාත්‍යංශ, පළාත් පාලන ආයතන, රාජ්‍ය දෙපාර්තමේන්තුවල ඉංජිනේරුවරුන් එක්දහස් පන්සිය විස්සක් සිටිය යුතු වුවත් මේ වනවිට සිටින්නේ දහසකට ආසන්න පිරිසක්. මේ අය රාජ්‍ය සේවයේ රැදිලා ඉන්නෙත් අසීරුවෙන්. එසේම බොහෝ ඉංජිනේරුවරුන් රට හැර යෑම හා වෙනත් අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවයට ගිහිං තියෙනවා. එවන් තත්ත්වයක් තිබිය දී මෙම ක්‍රියාමාර්ගය ගැනීම බරපතල කාරණයක්. මේක වහාම නිවැරදි වෙන්න ඕනෑ. මෙහෙම බැලුවම රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් විදිහට ඉංජිනේරු අපිට රජයෙන් ගෙවන්නේ රුපියල් දස දහසක වගේ දීමනාවක්. මේක අපි පිළිගන්නේ නැහැ. අපි අද අසනීප නිවාඩු වාර්තා කරනවා. එපමණක් නොව නිදහස් චතුරස්‍රය අසළ විරෝධතාවකුත් පවත්වනවා. අපේ ප්‍රශ්නයට විසදුම් නොදුන්නොත් අපි දැවැන්ත වර්ජනයකට යනවා” ලෙස ඒ මහතා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...