හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපතිගෙන් විරෝධතා !

සටහන – රුවන් නෙළුගොල්ල

වසර තුනක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වී සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉදිරිපත් කර ඇති ඇප ඉල්ලීමට විරෝධතා ගොනුකරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ, අද එම ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා පැවසුවේ එම ඇප ඉල්ලීමට අදාළව විරෝධතා ගොනුකිරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බවත් ඒ අනුව ඒ සඳහා කල් ලබාදෙන ලෙසත් ය.

ඒ අනුව මහාධිකරණය එසේ විරෝධතා ගොනුකිරීමට නීතිපතිවරයාට අවසර ලබාදුන් අතර ඇප ඉල්ලීම ලබන 11 වනදා යළි කැඳවීමටයි නියෝග කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදය (24) අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ට්‍රම්ප් ගුවන් තොටුපොළේදී ෂී ජින්පින් පිළිගනී – “චීනය සහ ඇමරිකාව ප්‍රතිවාදීන් නොව හවුල්කරුවන් විය යුතුයි”

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: තෙදින නිල...

මී. මී.100ට වැඩි තද වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : මේ වනවිට...

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...