ඕක ආසාවට දාපු පෙත්සමක් වෙන්න ඕනේ – සුසිල් ප්‍රේමජයන්ත

Date:

කොළඹ LNW:වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය අර්ථකථනය කරන තෙක් එළඹෙන ජනාධිපතිවරණය තාවකාලිකව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සමෙන් වැඩක් නොවෙනු ඇති අතර එය ආසාවට දැමූ පෙත්සමක් විය හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (04) කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

උක්ත කාරණය සම්බන්ධයෙන් මීට පෙර තීන්දු දෙකක් දී තිබෙන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන හා ජනාධිපතිවරණ මැතිවරණ නීතිය සමඟ බලන විට නිසි කාලයේදී මැතිවරණය පැවැත්වීම ගැන මැතිවරණ කොමිසම තීරණය කරනු ඇති බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

මැතිවරණය කල්දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවත් රජය කටයුතු කරන්නේ මැතිවරණ සූදානමකින් බවත් ප්‍රේමජයන්ත මහතා කියාසිටියේය.

ජනාධිපතිවරණය කැඳවා නාමයෝජනා භාරගැනීම සිදුවන විට සිය කණ්ඩායම සහය දෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න තීරණය ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...