ඉන්ධන පිරවුම්හලක් අසල පිහි ඇනුමකින් හමුදා සෙබළෙකුට තුවාල

ඇඹිලිපිටිය, 99 කණුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඊයේ (03) ඇතිවූ ගැටුමකින් හමුදා සෙබළෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

දින 5කට පසු ඊයේ එම ඉන්ධන පිරවුම්හලට ඉන්ධන තොගයක් ලැබී තිබුණු අතර එම තොගය අවසන් වීමත් සමග පෝලිමේ සිටි ජනතාව ඉන්ධන ඉල්ලා විරෝධය පළකර තිබේ.

ඒ අවස්ථාවේදී පුද්ගලයින් දෙදෙනෙකු එම පිරවුම්හලේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබළෙකු සමග බහින්බස්වීමක් ඇතිකරගෙන ඇති අතර එය දුරදිග යාමෙන් එක් පුද්ගලයෙකු සෙබළාගේ ගිනි අවිය උදුරාගැනීමට තැත්කර ඇති අතර අනෙක් පුද්ගලයා සෙබළාට තියුණු ආයුධයකින් පහරදී ඇති බව සඳහන්.

සිද්ධියෙන් තුවාල ලත් හමුදා සෙබළා ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...