තවදුරටත් මෙහෙම යන්න බෑ ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කරන්න – පරිපාලන සේවා සංගමය

Date:

අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත්කළ පමණින් රට තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවත්, මේ වනවිට රටේ සියලු අංශ අඩාල වී ඇති බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අවධාරණය කරනවා.

එම සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ වහාම ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කළ යුතු බවයි. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කළයුතු බවත් නිසි බළධාරියෙකු යටතේ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වියයුතු බවත් පරිපාලන සේවා සංගමය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය නිළධාරීන් ජීවිත අවදානමද නොසලකා සිය සේවය ලබාදෙන බව පෙන්වා දෙන එම සංගමය පවසන්නේ රාජ්‍ය නිළධාරීන්ට සිදුවන පීඩා සම්බන්ධයෙන් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවන බවයි. දිවයින පුරා රාජ්‍ය නිළධාරීන් දේශපාලනඥයන්ගේ සහ වෙනත් පුද්ගලයන්ගේ තර්ජනවලට, පීඩාකිරීම්වලට ලක්වන බවත් ඊට වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීමට මෙතෙක් ක්‍රියා කර නොමැති බවත් පරිපාලන සේවා සංගමය ප්‍රකාශ කරනවා.

මේ සඳහා නිසි වැඩළිවෙලක් සකස් නොකළහොත් රාජ්‍ය නිළධාරීන් කළකිරීමට හෝ බියට පත්ව සේවාවලින් ඉවත්ව යා හැකි බවත් එසේ වුවහොත් අත්‍යවශ්‍ය සේවා පවා සම්පූර්ණයෙන් ඇනහිටීමේ අවදානමක් මතුවන බවත් එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම හැර වෙනත් විසඳුමක් නොමැති බවයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

Update : පෑලියගොඩ වෙඩිතැබීම – තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19)...