දරුවන් මත්ද්‍රව්‍යවලට යොමු වී ඇත්දැයි දැනගැනීමට ටෙස්ට් කිට් එකක් හදුන්වා දීමේ සූදානමක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:දෙමව්පියන්ට තම දරුවන් මත්ද්‍රව්‍ය සඳහා යොමු වී ඇත්දැයි පෞද්ගලිකව පරීක්ෂා කරගත හැකි මත්ද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල ඔසුසල් මගින් පහසුවෙන් ලබාගැනීමට හැකි වන පරිදි වෙළෙඳපොළට හඳුන්වා දීම පිළිබඳවද අවධානය යොමුව තිබේ.

පසුගිය 02 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව රැස් වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත.

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය සඳහා යොමු වීම වැළැක්වීමට ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා එහිදී විමසා බලා තිබෙන අතර ගුරුවරුන් සහ සිසුන් දැනුවත් කිරීම් ඇතුළු වැඩසටහන් 225ක් මේ වන විට පාසල් මට්ටමින් ක්‍රියාත්මක කර තිබෙන බවත්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල උපකුලපතිවරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානින් සමග සාකච්ඡා කර සිසුන් අතරින්ම කව ඇති කරමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන බවත් අනාවරණය විය.

පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීම පිළිබඳ දිවයිනම ආවරණය වන පරිදි සමීක්ෂණයක් සිදු කිරීම කෙරෙහිද අවධානය යොමුව තිබේ.

පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය ව්‍යසනය තුරන් කිරිමේ වැඩසටහන් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් අදාළ සියලු ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර පොදු සැලැස්මක් යටතේ ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය. පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල්වල හිමිකරුවන් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ සමඟ සම්බන්ධ කරගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් කැඳවීමටද මෙහිදී තීරණය කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)

කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව -...