මාලි රාජ්‍යය පුරා කැරලිකාර ප්‍රහාර මාලාවක්

රෂිකා හෙන්නායක ජූලි 04 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මාලි රාජ්‍යයේ හමුදා මුරපොළවල් සහ නගර කිහිපයක් ඉලක්ක කරගනිමින් කැරලිකරුවන් විසින් එල්ල කරන ලද නව ප්‍රහාර මාලාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උතුරු මාලි ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති රජයේ හමුදා සහ රුසියානු සටන්කාමීන් ඉලක්ක කරගනිමින් ටුවාරෙග් බෙදුම්වාදීන් සහ වෙනත් සන්නද්ධ කණ්ඩායම් මෙම ප්‍රහාර දියත් කර ඇත.

රටේ උතුරේ සිට දකුණ දක්වා විහිදී ගිය මෙම ගැටුම්වලදී විශාල පිරිසක් මියගොස් ඇති අතර සිරගෙවල්වලට පවා ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තාවේ.

මාලි හමුදාව දැනට තත්ත්වය පාලනය කර ඇති බව ප්‍රකාශ කළද, එරට පවතින අස්ථාවරත්වය සහ බෙදුම්වාදී තර්ජන තවමත් උග්‍ර මට්ටමක පවතින බව මෙයින් පැහැදිලි වේ.

යුද හමුදා පාලනය යටතේ පවතින මාලි රජයට මෙම අඛණ්ඩ සන්නද්ධ කැරලි මර්දනය කිරීම විශාල අභියෝගයක් වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...