ආසියානු ක්‍රීඩා උළෙලේ සුරතලාට තායිලන්තයේ සංස්කෘතික වටිනාකම ගැන ප්‍රකාශයක්

Date:

තායිලන්තය ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියකට සත්කාරකත්වය සපයන පළමු අවස්ථාව සටහන් කරමින් 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය බැංකොක්හි සුපචලසායි ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.ජූලි 12 සිට 16 දක්වා පැවත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුත් ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියි.

තායිලන්තය මේ තරගාවලියේ සංඛේතය ලෙස යොදා ගැනීමට නියමිතව ඇත්තේ එරට සංස්කෘතියේ ඓතිහාසික වටිනාකමක් හිමිවන තායි හනුමාන් ය.ප්‍රකට ඉන්දීය පුරා වෘත්තයක් වන රාමායනයේ එන හනුමාන්ගෙන් සම්භවය ලැබුණු බවට විශ්වාස කරන තායි හනුමාන් තායි සාහිත්‍යය තුළ මෙන්ම නාට්‍ය කලාව තුළ ද විශාල අවස්ථාවක් හිමි චරිතයකි.විශේෂයෙන් තායිලන්තයේ සුප්‍රතිට ඛොන් නාට්‍යයන් හී විශේෂ තැනක් හනුමාක්ට හිමිවන අතර එම නාට්‍ය සම්ප්‍රදාය බොහෝ විට වැටෙන්නේ දෙබස් රහිත නර්තනාංග ඇසුරෙන් සිදුකරන චලනයන් සහිත නාට්‍ය විශේෂයක් ලෙසය.

කඩිසරකම, ශක්තිය සහ සංවේදීතාවයේ මිශ්‍රණයක් ලෙස තායි හනුමාන් මෙවර ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියට යොදා ගත්තද,ඒ හරහා ක්‍රීඩාව ඉක්මවා තායිලන්තය තරගාවලියට එන ආසියානු මිතුරන්ට සිය සංස්කෘතික වටිනාකම් ගැන පුරා වෘත්තයන්හී අභිමානය විඳ ගන්නට නිහඪ ආරාධානාවක් කරන්නේය.ක්‍රීඩාව මේ වන විට ක්‍රීඩා පිටිය ඉක්මවා ගොස් තිබෙන රටක සමාජ දේශපාලන අන්තර්ගතය ප්‍රකාශ කරන සහ රටේ ප්‍රවර්ධන ඉලක්ක සපුරාලන විෂයක් වී ඇති අතර ඒ නිසාම තායිලන්තය සිය සංස්කෘතික වටිනාකම විදහා දැක්වෙන පරිදි තායි හනුමාන් මෙරව ක්‍රීඩා උළෙලේ සංඛේතය නොහොත් සුරතලා බවට පත් කරගන්නට ඉදිරිපත් වී ඇත.
රාම රජවරුගෙන් ආශිර්වාදය ලද ඛොන් නාට්‍ය කලාවේ දී තායි හනුමාන් ගේ වීරත්වයන් දැඩිව කතා බහට ලක්වන අතර එම චරිතයට අදාළ පුරා වෘත්ත පිළිබද සඳහන් ලේඛණ කලාවක් මෙන්ම චිත්‍ර හා මූර්ති කලාවක් ද තායිලන්තයේ සම්ප්‍රදායික කලාවන් තුළ දුලබ නැත.ඔවුන් මේ සංස්කෘතික වටිනාකමක් ඇති පුරාවෘතයක එන චරිතයක් ක්‍රීඩා අළෙලේ සුරතලා ලෙස නම් කිරීමෙන් අනිත් රටවල්වලට ද ආරාධනා කරන්නේ සිය මුල් සවිමත්ව තබාගෙන ඒ මත නැඟෙන ලෙසය.

ශ්‍රී ලංකාවට අසියානු මලල කීඩා සූරතාවලිය ආශ්‍රිතව කීර්තිමත් ඉතිහාසයක් ඇත.එහිදී රන් පදක්කම් 19ක්, රිදී පදක්කම් 18ක් සහ ලෝකඩ පදක්කම් 21ක් ලෙස මුළු පදක්කම් 58 ක් දිනා ගන්නට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.ශ්‍රී ලංකාව 1973 සමාරම්භක ශූරතාවය, පසුව 1981 දී 4 වන ශූරතාව සහ 1983 දී 5 වන ශූරතාවය හැරුණු විට සෑම ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියකටම සහභාගී වී ඇති අතර 2002 දී ශ්‍රී ලංකාව 14 වැනි ශූරතාවය සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ද දායකත්වය දක්වා ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදු සහන අපේක්ෂාවෙන් විපක්ෂ නායක හා ඇමරිකානු මන්ත්‍රී මණ්ඩලයක් අතර හමුවක්!

කොළඹ LNW:තවදුරටත් බදු සහන ලබා ගැනීමේ අරමුණින් විපක්ෂ නායක...

ඇමරිකාවෙන් ඉන්දියාවට පැනවූ බදු ප්‍රහාරයේ අහිතකර පැතිකඩ!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) LNW: රුසියාවෙන් තෙල්...

රු. කෝටි 9 කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද...

‘Made in Sri Lanka’ වෙළඳ ප්‍රදර්ශනය ළඟදීම!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන...