*
Friday, May 10, 2024
spot_img

Latest Posts

ජවිපෙ අභිබවා පොහොට්ටුව ඉදිරියට,

තියන්න නියමිතව තිබුණ 2023 පලාත් පාලන මැතිවරණයේ උණුසුමේ තරම ඒ දවස්වල රටට තදින් දැනුනා.ඒ ඡන්ද සටනේ ඉදිරියෙන්ම හිටියේ සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය.පොහොට්ටුව,එජාපය, ශ්‍රිලනිපය,හෙලිකොප්ටරය හිටියේ සෑහෙන අසීරු අඩියක.සජබය සහ ජාජබය අතර තිබුණේ කරට කර සටනක්.හැබැයි එක වෙලාවක සජබය අභිබවලා ජාජබය ඉදිරියට එන හැටි බොහොම පැහැදිලිව පෙනුනා.ඒ වගේ තත්වයක් ඇතුලේ තමයි රනිල් පලාත් පාලන ඡන්දය කල්දාන්නේ.පලාත් පාලන ඡන්දය කල්දාන්න රනිල් සම්මතයෙන් පිට හේතුවක් හැදුවා.කොහොම හරි දැන් ඡන්දයක් නෑ.

ඡන්දය නැතිවුනත් තමන් වටේට ගොඩනැගුණ රැල්ල පවත්වාගෙන යන්න සජබය වගේම ජාජබයත් උත්සාහ කළා.ඒ වෙන මොකවත් නිසා නෙවෙයි සජිත් සහ අනුර දකින ජනාධිපති හීනය නිසයි.රැල්ල පවත්වාගෙන යන්න විවිධ උපක්‍රම දෙගොල්ලොම තේරුවා. උද්ඝෝෂණ,වැඩවර්ජන,වීදි සටන්,ආසන බල මණ්‌ඩල,දිස්ත්‍රික් සමුළු,Facebook කැම්පේන් මෙකී නොකී හැමදේම කළා.ඒත් රැල්ල පවත්වාගෙන යන්න කාටවත් බැරිවුනා. සාමාන්‍යයෙන් ඡන්ද උණුසුම අඩුවෙනවත් එක්ක එහෙම වෙනවා.ඒත් සජිත් සහ අනර අතර තිබුණ දේශපාලන බලු පොරය විසින් දෙපැත්තම කෘත්‍රිම රැල්ලක් හදාගෙන ඉස්සරහට යන්න හැදුවා.මෙහේ රැල්ල නැති වෙනකොට අනුර දකුණ කොරියාවට ගිහින් රැල්ල පෙන්නුවා.ඕස්ට්‍රේලියාවේ ගිහිනුත් රැල්ලක් පෙන්නුවා.සජිතුත් තවමත් මොන මොනවා හරි කරමින් ඉන්නවා.ඇත්තටම සජබ,ජාජබ රැල්ලේ දැන් තත්වය මොකද්ද?තවමත් ජාජබය ඉන්නේ සජබයට වඩා උඩින්ද?

ඔහොම ප්‍රශ්න ටිකක් ගොඩ දෙනෙකුට තියනවා.මොකද දැන් සජබ සහ ජාජබ නායකයන් කියන්නේ රැල්ල දැන් විශ්වාසයක් වෙලා ජනතා හදවත් ඇතුලේ තැන්නත් වෙලා කියලයි.ජවිපෙට මේ රැල්ල එන්න පටන් ගත්තේ ගෝල්ෆේස් අරගලයෙන් පස්සේ. ගෝල්ෆේස් අරගලයෙන් ඉෂ්ඨ කරගන්න බැරිවුන ජනතා බලාපොරොත්තුව ජවිපෙ තුලින් හරි ඉෂ්ඨ කරන්න ජනතාව හිතන්න ඇති.ඒක නිසා මාලිමාව වේගයෙන් ඉස්සරහට ආවා.මාලිමාවට ප්‍රධාන වශයෙන් ගැලවිලා ආවේ පොහොට්ටුවේ Angry Vote එක.ඒ කියන්නේ ගෝඨාභය වටේට එකතු වුන නව රැල්ලේ ඡන්ද කුට්ටිය.එතන ගොඩක් හිටියේ රැඩිකල් තරුණ පිරිස්.පොහොට්ටුවෙන් ගැලවෙන ඡන්ද ටික ශ්‍රිලනිපයටවත්, සජබයටවත් ආකර්ෂණය කරගන්න බැරිවුනා. ඒකට බලපෑව ප්‍රධාන හේතුව එයාලා සහ පොහොට්ටුව අතර ලොකු වෙනසක් නැතිකමයි.ඒ දෙගොල්ලොම පවත්වාගෙන යන්න හදන්නේ පොහොට්ටුවේ ක්‍රමයම තමයි.

System Change තියෙන්නේ එයාලගේ වචන විතරයි.සජිත්ට මුල් වටයේ ජනතා ආකර්ෂණය හැදෙමින් තිබුණා.මාළුවා නහින්නේ කට හින්දා කියලා අපේ පැරණි කියමනක් තියනවා.සජිත් කට ඇරියා විතරයි සජිත් කවුද කියලා රටම දැනගත්තා.සජිත් කියන්නෙත් රාජපක්ෂලා පන්නයේම වැඩවසම් චරිතයක් බව කට්ටියට තේරුණා. ඊළගට රනිල් ජනාධිපති වීමත් එක්ක සජබ ඡන්දදායකයා තවත් ව්‍යාකූල වුනා.තමන්ගේ නායකයට බලය ගන්න බැරි උනාට හිටපු නායකයා බලය අරන්.එදා එජාපය අතෑරලා සජිත් එක්ක ආපු බලවේගය දැන් ඉන්නේ වික්ෂිප්ත වෙලා.මේ සියලු වාසි කැරකිලා ආවේ මාලිමාවට.විශේෂයෙන්ම පොහොට්ටුවේ පහල බලවේගය රැලි විදිහට මාලිමාවට ආවා.මේ පැමිණිම ඇතුලේ ජවිපෙ තුල බලවත් වෙමින් ආපු පහල නාගරික මැද පන්තික බලය තවත් ශක්තිමත් වෙන්න පටන් ගත්තා.ඒ සමාජ කොට්ඨාශය කියන්නේ පට්ට අවස්ථාවාදී සමාජ කණ්ඩායමක්.

අතිශෝක්තිය තමයි වැඩි.මොකද එයාලත් හොය හොයා ඉන්නේ ඉහල මැදපන්තියට නැත්නම් එතනිනුත් ඉහලට යන්න ක්‍රමයක්. මාලිමාවට ඇවිත් බලනකොට ඒ ඉඩ ඕනිවටත් වැඩිය මාලිමාව ඇතුලේ තියනවා. ඒක නිසා නාගරික පාදඩ මැදපන්තියේ මධ්‍යස්ථානයක් බවට මලිමාව පත්වුනා.විවිධ සමාජ විරෝධී කණ්ඩායම් මාලිමාව ඇතුලට ආවා.මේ නව කණ්ඩායම් කියන කතාවලට ජවිපෙ ඔලමොට්ටල නායකයන්ගේ ඇස් නලංකාර වෙලා ගියා.විජිත හේරත් අපට 80% ක ඡන්ද ප්‍රතිශතයක් තියනවා කියලා උදම් ඇණුවේ ඒ ලණුව කාලා.ඒ වෙලාවේ ජවිපෙ නායකයා විදිහට විජේවීර හිටියේ නැතත් අඩුම ගානේ සෝමවංශවත් හිටියා නම් සෝමවංශ වැඩේ ගොඩදාගන්නවා.මොකද සෝමවංශ කියන්නේ අනුර වගේ මැද පන්තියේ චාටු කතාවලට රැවටෙන කෙනෙක් නෙවෙයි. එහෙනම් සෝමවංශ කරන්නේ එයාලගේ පච වෙනුවට සමාජ සංවර්ධනයේ යථාර්ථය එයාලට උගන්නලා එයාලා සංවිධානාත්මක බලවේගයක් බවට පත් කිරීමයි.

හැබැයි අනුරලා කළේ ඒ රැල්ලේ ආපු මිනිස්සු ධනපති දේශපාලන පක්ෂයක මජර අපේක්ෂකයාගේ මට්ටමෙනුත් පහලට ඇදලා දැමීමයි.දැන් මාලිමාවේ ඉන්න අපේක්ෂකයෝ සහ එයාලගේ බත්බැලයෝ ඔළු පුරෝගෙන ඉන්නේ දේශපාලන මතවාදයෙන් නෙවෙයි කුණුහරුප වලින්.දැන් මාලිමාවට වැලදිලා තියන රෝගය සනීප කරන්න අනුරලා, ටිල්වින්ලා ළඟ බෙහෙත් නෑ.ජවිපෙ විසින් මේ රටට අලුත්ම පාදඩ දේශපාලන සංස්කෘතියක් බිහි කරමින් ඉන්නවා.මුලදීම එයාලා අධ්‍යාපනික සහ සංවිධානාත්මකව පිරිසක් කළා නං ජවිපෙට ඔය ඉරණම අත්වන්නේ නෑ.ජවිපෙත් කළේ අතිශෝක්තිය ඉල්ලන ඒ බලවේගයට සියදහස් ගුණයක මාත්‍රාවකින් අතිශෝක්තිය දෙන එකයි.හැබැයි ජවිපෙ කියන කතාව සහ යථාර්ථය අතර අහසට පොලොව වගේ වෙනසක් තියනවා. අපට දුන්නොත් පැය ගණන්වලින් රට හදනවා කියපු ජවිපෙ වගකීම එනකොට පැනලා ගියා.රට වැටිලා තියන වෙලාවේ රටට ඩොලර් එවන්න එපා කියලා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට කිව්වා.ගෝල්ෆේස් අරගලයේ ගන්න තිබුන ජයග්‍රහණ පවලා දුන්නා.සමස්ථ මහා වැඩවර්ජන තුලින් රට වහනවා කිව්වා.රට වට්ටන්න හැදුවා.

ලාල් කාන්ත කොච්චර ත්‍රිල් උනාද කියනවා නම්.88/89 මැරුවා තමයි, බස් ගිනි තිබ්බා තමයි,රාජ්‍ය දේපල විනාශ කළා තමයි හෙටත් එහෙම කරනවා තමයි කියලා ප්‍රසිද්ධ වේදිකාවල කිය කියා ගියා.මාලිමාව සහ ජවිපෙ විදිහට කීපාරක් නං කොළඹ වටලන්න ආවද?දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කිරීම ගැන ජවිපෙ මවපු බිල්ලාට අනුව දැන් මෙහෙම රටක් තියෙන්න විදිහක් නෑ.බැංකු පද්ධතිය කඩාගෙන වැටිලා.දැන් මිනිස්සු තමන්ගේ තැන්පතු මුදල් ඉල්ලමින් බැංකු ඉස්සරහා පොරකකා ඉන්න ඕනි.රට ගෝඨාභයගේ කාලේ තිබුණ තත්වයට වැටිලා තියෙන්න ඕනි.මේ සියල්ල ජවිපෙ අතිශෝක්තියෙන් කියපු කතා.අනුරලා, ටිල්වින්ලා,ලාල් කාන්තලා ආරූඩ කර ගත්තේ ඉතිහාසයේ තමන්ට අයිති නැති වීරත්වයක්. ඉතිහාසය ඇතුලෙත් මෙයාලා වීරයෝ නෙවෙයි,මෙයාලා නිවටයෝ.නිවටයන්ට වීරයෝ කියලා වීරයන්නට නිගා කරන සිරිතක් රටේ රාළ බළකායේ නෑ.අනුර එදත් අරගලය දාලා පැනලා ගියා.ආරක්ෂක හමුදාවට ටිල්වින් ආයුධයත් එක්ක යටත් වුනා.

ආරක්ෂක හමුදා එක්ක තමන්ගේ සාමාජිකයා අල්ලා දෙන්න බිල්ලට ආවේ කවුද කියලා නොදන්න කෙනෙක් ජවිපෙ ඇතුලේ නෑ.එහෙම අය කොහොමද වීරයෝ වෙන්නේ.නැති වීරත්වයක් පෙන්නන්න ගිහින් දැන් කට්ටිය අමාරුවේ වැටිලා.කොළඹ වටලන්න ආපු දවසේ එක කදුළු ගෑස් පාරෙන් ගෙවල් දොරවල් ජනෙල් පෙරලගෙන දිව්වා.එහෙම නිවටයෝ ජවිපෙ ඉතිහාසයේ හිටියේ නෑ. කටුනායක හමුදා කදවුරට ගහන්න ගිය වෙලාවේ වෙඩි වැදුන ප්‍රැන්සිස් සහෝදරයා ගුවන් හමුදා සෙබළුන්ගෙන් ජීවිතය ඉල්ලුවේ නෑ.ගුවන් හමුදා සෙබළුන්ටත් අරගලය ගැන පඩමක් කියා දෙමින් හිටියදී තමයි එයාගේ පණ ගියේ.ඒ තමයි ඉතිහාසගත ජවිපෙ වීරත්වය.මාලිමාවෙන් උත්තර හොයාගෙන ආපු අය ජවිපෙ ඇතුලේ තියන බොරුව,හිස්ව බව දැක්කා.නායකයන්ගේ සැප පහසු ජීවිත, බොරු උද්දච්චකමි දැක්කා.එයාලට තියෙන්නේ විවේචන විතරයි උත්තර නෑ.ආධාර එකතු කිරීමට නං එයාලා තරම් දක්ෂයෝ නෑ.දැන් ආපු ගොඩ දෙනෙක් ආපහු හැරිලා.මේ කාලය ඇතුලත තවත් දෙයක් සිද්ධ වුනා.එලියට බහින්න විදිහක් නැතිව හිටිය පොහොට්ටුව ජවිපෙ පම්පෝරි ගගහා ඉන්දැද්දි එලියට බැහැගත්තා.වෙසක්,පොසොන් පෝයවල් ඒ වෙනුවෙන් පාව්චිචි කර ගත්තා.

දන්සල්,තොරන්,වෙසක් කලාප,පොසොන් කලාප පාවිචිචි කළා.දැන් එයාලත් මහ පොලොවේ ඉන්නවා.ගමේ මළ ගෙදර,මගුල් ගෙදර එයාලා ඉන්නවා.දැන් ඒ තැන්වල නැත්තේ ජෙප්පෝ විතරයි.ජෙප්පෝ තවමත් Facebook ඇතුලේ විප්ලවය කරනවා. පොහොට්ටුවේ කට්ටිය දැන් තමන් එක්ක තරහා වුන ඡන්දදායකයා හොයාගෙන යනවා. නාමල් වැඩේ හිතුවට වැඩිය හොදට කරනවා. දැන් මේකේ ඉන්න ජවිපෙ සහෝදරවරු කියයි ඔන්න රටේ රාළ නාමල්ට කඩේ යනවා කියලා. ඇත්තටම මහ පොලොවේ වෙන වෙනසට උත්තර හොයන්නේ නැතිව රටේ රාළට බැනලා වැඩක් නෑ.රටේ රාළ කියන්නේ දැන් ආයෙත් මහ පොලොවේ තරඟය තියෙන්නේ පොහොට්ටුව සහ ජාජබය අතර.කොහොම උනත් ඔය දෙකෙන් මොකක් උඩට ආවත් මේ රටට වැඩක් නෑ.දෙකම වැඩවසම්. පොහොට්ටුව වැඩවසම් ලිබරල්.ජවිපෙ වැඩවසම් කොමියුනිස්ට්.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan