උපුල් කුමරප්පෙරුම කොඩි ගහ යටදි සසුන්ගත වෙයි!

ජාතික ජන බලවේගයේ ප්‍රධානියකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමරප්පෙරුම මහණවී ඇතැයි රාවයක් පැතිරයමින් තිබේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලීමේදී අනාවරණය වුයේ, ITN නාලිකාවේ විකාශනය වන ජගත් මනුවර්ණගේ ‘කොඩි ගහ යට’ ටෙලි නාට්‍යයේ හාමුදුරු කෙනෙකුගේ චරිතයට පනපෙවිමට උපුල් කුමරප්පෙරුම තෝරාගෙන ඇති බවයි.

නීතිඥ උපුල් කුමරප්පෙරුම මිට වසර 30කට පමණ ඉහතදී ‘ජුලිය’ , ‘මයා දොරටු’ වැනි යොවුන් නාට්‍ය ගණනාවක රංගන ශිල්පියකු ලෙස සිය ප්‍රතිභාව ප්‍රදර්ශනය කල අයෙකි.

1993 වසරෙදී ඔහු රඟපෑ ධනංජය කරුණාරත්නගේ ‘ජුරිය’ නාට්‍යයට යෞවන රාජ්‍ය සම්මානයද හිමිව තිබිණ.

ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමරප්පෙරුම පසුගිය මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නියෝජනය කළේය.

මෙහි අනෙක් භික්ෂු චරිතය නිරුපණය කරන්නේ ජාතික ජන බලවේගයේ නීතිඥ  සුසන්ත දොඩාවත්තයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...