වැසි තත්වයේ යළි වෙනසක් – අද (05) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (05) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

උතුරු සහ උතුර-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැක.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Spring Fever ඩිජිටල් වේදිකාවේ සිහිනය!

රෂිකා හෙන්නායක ජනවාරි 08 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Spring Fever...

හරිනි ඉවතට ? බිමල්ට අගමැති ධුරය ??

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මේ වනවිට දැඩි ප්‍රහාරයකට ලක්ව...

එජාප – සජබ හවුල ගැන විශේෂ තීන්දුවකට – එජාපයෙන් යෝජනා කිහිපයකුත් එළියට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එකමුතුව කටයුතු...

රනිල් හර්ෂට බෑ කියයි ?

පහුගිය කාලෙ සමගි ජන බලවේගය ඇතුළෙ එහෙන් මෙහෙන් සෑහෙන්න...