රාවය විකුණන්න ගොස් වික්ටර් අයිවන් මාට්ටු

Date:

අධ්‍යක්ෂ මණ්ඩලයට තහනං
කර්තෘ විමලනාත්ටත් තහනං

රාවය (ගරන්ටී) පුද්. සමාගමට අයත් දේපළ විකිණීම, පවරාදීම, කුලියට හෝ බද්දට දීම, කඩා බිඳ දැමීම, එහි යන්ත්‍ර සහ වැද්දුම් ඉවත් කිරීම වළක්වාලමින් හා පුවත්පත පළ නොකර සිටීමට එරෙහිව ගල්කිස්ස දිසා අධිකරණය මගින් විධානාත්මක වාරණ ආඥා නොතීසියක් සමග ඉන්ජන්ක්ෂන් තහනම් කිහිපයක් ද වාරණ ආඥා කිහිපයක් ද නිකුත් කර තිබේ.


පැමිණිලිකරුවන් 13 දෙනෙකු විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලූ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.එම්. කොඩිතුවක්කු මැතිණිය විසින් මෙම නියෝග නිකුත් කරන ලදී.


රාවයට මුදල් අයෝජනය කළ පුද්ගලයින් 479 ක පිරිස දැනුවත් නොකර සභාපති වික්ටර් අයිවන් විසින් තම බෑනා හා මස්සිනා අධ්‍යක්ෂ මණ්ඩලයට ඇතුළත් කර ගනිමින්, පොදු මුදල් මත ගොඩනැගුණු රාවය දේපළ විකුණා දැමීමේ සහ මුදල් ලබා ගැනීමේ ක්‍රියාවලියක් රහසේම සැලසුම් කර ඇති බවද නඩුවේ කරුණු අතරේ ඉදිරිපත් විය.
ඒ බව සනාථ කිරීමට රාවය මුද්‍රණාලය හා කාර්යාලය ඉබි යතුරු දමා පත්තර කන්තෝරුව “විකිණීමට තිබේ” යනුවෙන් ප්‍රදර්ශනය කළ බැනර් හා පෝස්ටර් ද පැමිණිල්ල සමග ඉදිරිපත් කරන ලදී.


මුදල් ආයෝජනය කළ පිරිස වෙනුවෙන් පුවත්පත දිගටම පවත්වාගෙන යාමේ අනුමිත භාරය වික්ටර් අයිවන් මහතා විසින් හිතාමතාම නොසලකා හැර එම දේපළ විකිණීමට හේතුවක් නැති බවත් රාවය පුවත්පත සෑම කල්හිදීම පාඩු නොලැබූ හා ලාභ පිට පවත්වාගෙන ගිය ව්‍යාපාරයක් බවත් මෙහිදී පෙන්වා දෙන ලදී.


උක්ත සියලු කරුණු හා ඉදිරිපත් කළ ලේඛන සහ දේශන සලකා බලා ගරු අධිකරණය රාවය සභාපති වික්ටර් අයිවන් හා අධ්‍යක්ෂ මණ්ඩලයේ මෙම අත්තනෝමතික ක්‍රියා කිරීම් ගණනාවක් සම්බන්ධයෙන් වාරණ ආඥා, ඉන්ජන්ක්ෂන් නොතීසි හා විධානාත්මක ඉන්ක්ජන්ක්ෂන් නොතීසි නිකුත් කර ඇත.


එසේම වික්ටර් අයිවන් මහතා සිය පවුලේ අය සහ කීපදනෙක් එකතු කරගෙන රාවය දේපළ විකුණා කෝටි ගණනක මුදල්, පුද්ගලිකව අත්පත් කර ගැනීමට සියලු ක්‍රියා සැලසුම්කර සිදුකර ඇත්තේ අධ්‍යක්ෂ ධුර පවා කල් ඉකුත් වී මහසභා රැස්වීමක්ද නොපවත්වා කිසිදු නිලබලයක් නොමැතිව බලහත්කාරයෙන් අල්ලාගෙන බවද මෙහිදී සනාථ කෙරිණි.


අධ්‍යක්ෂ මණ්ඩලයට අතිරේකව රාවය කර්තෘ විමලනාත් වීරරත්නටද මෙම නඩුවේ 7 වන විත්තිකරු ලෙස තහනම් ආඥා නිකුත් කර ඇත.
මෙම නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් සුධර්මා කේ. ගමගේ මෙනෙවියගේ උපදෙස් මත නීතිඥ මනෝජ් සංජීව මහතා පෙනී සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...