වෛද්‍ය මහේෂි ඇප ඉල්ලයි. අල්ලස් කොමිසම විරුද්ධ වෙයි

0
780

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ ඇප ඉල්ලීම පිළිබඳව ජුලි 08 වනදා කරුණු දක්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විත්තියේ නීතීඥවරුන්ට නියම කර තිබේ.

ඒ, මෙම වෛද්‍යවරිය ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න විසින් මෝසමක් මාර්ගයෙන් ඊයේ (04) කරුණු දැක්වූ අවස්ථාවේදී ය.

මෙහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීහු මෙම ඇප ඉල්ලීමට විරෝධය පළ කළහ.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම නඩුකරය ලබන 08 වනදා කැඳවීමට නියමිතව තිබෙන බැවින් එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසයි.

රෝගීන්ට ශල්‍ය උපකරණ වැඩිමිලට විකිණීම ඇතුළු චෝදනා කිහිපයක් මත වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ ජුනි 17 වනදා ය.