හරක් කටාගේ ජීවිතය අනතුරේ – නිතිඥවරයාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

කොළඹ LNW:ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි නායකයෙකු වන නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ 37 වෙනි වාට්ටුවට ඇතුළත් කර තිබෙන අතර ඔහුගේ ජීවිතයට අනතුරක් පවතින බව ඔහුගේ නීතිඥවරයා වන උදුල් ප්‍රේමරත්න මහතා පවසයි.

සිය සේවාදායකයා රඳවා තිබෙන තංගල්ල බන්ධනාගාරය තුළ පවතින අනාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥවරයා ලෙස ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට මෙන්ම පොලිස්පතිවරයාට මිට පෙර පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු බවයි ප්‍රේමරත්න මහතා සඳහන් කරන්නේ.

සිය සේවාදායකයා රඳවා සිටින කුටිය අවට මදුරුවන් බෝවීමට ඉඩ හැරීම, නරක්වූ ආහාර සැපයීම ආදියෙන් කුමන්ත්‍රණකාරී ලෙස ඔහු මරා දැමීමට සැලසුමක් ඇති බව ඔහු ප්‍රකාශ කළ ප්‍රකාශය අනුව තමන් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර මානව හිමිකම් කොමිසමට හා පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබුණු බව ප්‍රේමරත්න මහතා කියාසිටියි.

මේ වනවිට හරක් කටාව ජාතික රෝහලට ඇතුලත්කර ඇති නමුත් කිසිවකුට ඔහුව බැලීමට හෝ තොරතුරු ලබාදීමට පොලීසිය සහ ජාතික රෝහල ඉඩ නොදෙන බවද නීතිඥවරයා තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...