*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය – ඉදිරි පියවර

මේ වන විට මුදල් අමාත්‍යාංශය විසින් සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ට සිය ණය හුවමාරු කරගැනීම සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මේ සඳහා 2023 ජූලි 25 දින පස්වරු 4 වන තුරු අයදුම් කළ හැකියි. මෙම ඉල්ලීම් පිලිබඳව සලකා බැලීමෙන් පසු ඒ පිළිබඳ තීරණ ජූලි 31 වන දින දැනුම් දෙනු ලැබෙන අතර ජූලි 31 වන දින අදාළ හුවමාරු සිදු වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර

ඩොලර් මිලියන 837.6ක පමණ වටිනාකමැති, 2027 වසර දක්වා කාලය තුළ කල් පිරෙන, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වර්ග 32ක් හුවමාරු කර ගැනීම සඳහා මෙම කාලය තුළ අයැදුම් කළ හැකියි. හුවමාරුව කර ගත හැකි විකල්ප ක්‍රම තුනක් ඇති අතර එයින් පළමු ක්‍රමය සෑම ඩොලර් 100ක් වෙනුවෙන්ම ඩොලර් 70ක් ලබා ගැනීමයි. මේ අනුව, මෙම විකල්පය යටතේ රජයට ලැබෙන වාසිය ඩොලර් මිලියන 251.3ක්. මෙය, ජූනි මස අවසානයේ පැවති විණිමය අනුපාතිකය අනුව (ඩොලර් 1 = රුපියල් 308.93) රුපියල් බිලියන බිලියන 77.6ක වාසියක්.

රජයට ලැබෙන ඉහත වාසිය මුළුමනින්ම මෙන් දේශීය බැංකු වලට හා වෙනත් දේශීය ආයෝජකයින්ට සිදු වන පාඩුවක්. නිවැරදිම ගණන් නිශ්චිතව නොදන්නා නමුත් දේශීය බැංකු වලින් විදේශ ව්‍යවහාර මුදලින් දේශීය නීතිය යටතේ ලබා ගෙන ඇති ණය සහ ස්වෛරිත්ව බැඳුම්කර ආයෝජනද හුවමාරු වන්නේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර හුවමාරු වන ආකාරයයි.

මේ වන විට වෙනස් වී තිබිය හැකි වුවත්, පසුගිය වසර අවසාන වන විට විදේශ ව්‍යවහාර මුදලින් දේශීය නීතිය යටතේ ලබා ගෙන තිබුණු ණය ප්‍රමාණයේ එකතුව ඩොලර් මිලියන 2,604ක්ද, රජයේ ඇපය මත රාජ්‍ය සංස්ථා විසින් එසේ ලබා ගෙන තිබුණු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 361ක්ද වුනා. මෙයින් 30%ක් යනු ඩොලර් මිලියන 889.5ක් වන අතර රුපියල් බිලියන 274.8ක්.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වල දේශීය අයිතිය ඩොලර් මිලියන 1,750ක් පමණ බව ඇස්තමේන්තු කර තිබුණා. මෙයින් 30%ක් යනු ඩොලර් මිලියන 525ක් වන අතර රුපියල් බිලියන 162.2ක් පමණ විය හැකියි. මේ අනුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීම හේතුවෙන් දේශීය වාණිජ බැංකු ප්‍රධාන අනෙකුත් ආයෝජකයින්ට රුපියල් බිලියන 515ක් පමණ දක්වා වන අලාභයක් සිදු විය හැකියි. එහෙත්, එවැනි අලාභයක් නොලබා රුපියල් වලින් ණය ආපසු ලබා ගැනීමේ විකල්පයද ඔවුන් සතුව තිබෙනවා.

රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව විසින් පසුගිය වසර අවසාන වන විට රුපියල් බිලියන 196.9ක් ස්වෛරිත්ව බැඳුම්කර වලත්, තවත් රුපියල් බිලියන 28.3ක් සංවර්ධන බැඳුම්කර වලත් ආයෝජනය කර තිබුණා. මෙම ප්‍රමාණයෙන් 30%ක් අඩු වෙද්දී සිදුවන පාඩුව රුපියල් බිලියන 67.6ක්.

දේශීය පෞද්ගලික බැංකුවක් වන කොමර්ෂල් බැංකුව සතුව පසුගිය වසර අවසාන වන විට රුපියල් බිලියන 92.3ක ස්වෛරිත්ව බැඳුම්කර සහ තවත් රුපියල් බිලියන 193.6ක සංවර්ධන බැඳුම්කර තිබුණා. මෙම ප්‍රමාණයෙන් 30%ක් අඩු වෙද්දී සිදුවන පාඩුව රුපියල් බිලියන 85.8ක්.

මීට අමතරව මෙම බැංකු වලින් රජයට විදේශ ව්‍යවහාර මුදලින් ලබා දී ඇති අනෙකුත් ණය කොපමණද යන්න හරියටම දන්නේ නැහැ. අනෙකුත් ප්‍රධාන බැංකු වලටද මේ ආකාරයේ යම් අලාභයක් සිදු වනවා විය යුතුයි. කෙසේ වුවද, වාණිජ බැංකු විසින් මෙම ණය කපා හරිනු ලැබීමේ අවදානම සැලකිල්ලට ගනිමින් කලින්ම ඒ සඳහා සෑහෙන තරමකින් ප්‍රතිපාදන වෙන් කර තිබූ බැවින් මෙයින් බැංකු වල ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ.

අද නිකුත් කර ඇති ෆිච් රේටින් ආයතනයේ නිවේදනයකට අනුව, ලංකාවේ වාණිජ බැංකු විසින් ඔවුන් සතු ස්වෛරිත්ව බැඳුම්කර වල වටිනාකමෙන් 35%ක් හෝ වැඩි ප්‍රමාණයක් ණය කපා හැරීමේ අවදානම වෙනුවෙන් වෙන් කර තිබෙනවා. අනෙකුත් ණය වලින් වෙන් කර තිබෙන්නේ අඩු කොටසක් වුවත් එම ණය ඩොලර් වලින් ආපසු ලබා නොගෙන රුපියල් වලින් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එහිදී ණය කපා හැරීමක් සිදු වන්නේ නැහැ. එම ආයතනයට අනුව, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය කපා හැරියේනම් බැංකු වලට වැඩි අවදානමකට මුහුණ දෙන්නට සිදු වෙනවා.

භාණ්ඩාගාර බැඳුම්කර

මේ වන විට ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව බදු සහනය දිගටම ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන් ප්‍රතිව්‍යුහගත කළ යුත්තේ මේ වසරේ අවසන් මාස තුනේදී කල් පිරෙන බැඳුම්කර වලින් 50%ක් සහ 2032 වසර දක්වා කල් පිරෙන බැඳුම්කර පමණයි. 2033-2045 අතර කල් පිරෙන බැඳුම්කර ප්‍රතිව්‍යුහගත නොකළද බදු සහනය ලැබෙනවා.

මෙම බැඳුම්කර ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් 85.7%ක් පමණයි. ඒ අනුව, එම ප්‍රමාණය පමණක් සැලකූ විට, බරිත සාමාන්‍ය පරිණත කාලය වසර 3.5ක් හා බරිත සාමාන්‍ය කූපන් පොලිය 12.23%ක් වෙනවා. මේ අනුව, ප්‍රතිව්‍යුහගත කිරීම නිසා වසර 2.25කදී 0.25%ක අලාභයක්ද, ඊළඟ වසර 1.25 තුළ 3.23%ක අලාභයක්ද සිදු වෙනවා. මුළු බැඳුම්කර ප්‍රමාණයෙන් 36.4%ක් සේවක අර්ථසාධක අරමුදල සතුව ඇති සේ සැලකුවහොත්, සේවක අර්ථ සාධක අරමුදලට සිදු වන සෘජු අලාභය රුපියල් බිලියන 113.9ක් ලෙස ඇස්තමේන්තු කළ හැකියි.

මීට අමතරව, ඉදිරි කාලයේදී අලුතෙන් නිකුත් කරන භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ගෙවන කූපන් පොලිය 9% ඉක්මවීම මත මෙම අලාභය තවත් ඉහළ යනවා. එය වැඩිවන 1%කට වසරකට රුපියල් බිලියන 28.2ක පමණ අලාභයක්. එහෙත්, පොලී අනුපාතික ඉහත ගණන් වලට වඩා අඩු වුවහොත් අලාබයක් වෙනුවට අඩුවන 1%කට වසරකට රුපියල් බිලියන 28.2ක ලාබයක් සිදු වෙනවා. පරිණත කාලය වසර හයකින් දිගුවීම සැලකූ විට අදාළ කාලය තුළ බරිත සාමාන්‍ය කූපන් පොලිය 10% වුවහොත් ඒ නිසා සිදුවන අලාභය රුපියල් බිලියන 169.1ක් වන අතර ඒ අනුව මුළු අලාභය රුපියල් බිලියන 283.0ක් බවට පත් වෙනවා.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan