යුරෝපා සංගමේ විරෝධය නොසලකා හංගේරියාවේ ඕර්බන් රුසියාවේදී පුටින් හමුවෙයි

Date:

සටහන : සශිකලා මධුෂාණි
ජුලි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : යුරෝපා සංගමේ විරෝධත්වය නොසලකා හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් මොස්කව්හිදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, යුක්රේන තත්වය සම්බන්ධයෙන් සාකච්ජා කළ බවත්, අවංක හා ප්‍රයෝජනවත් සාකච්ජාවක් සිදුකල බවත්, ඕර්බන් යුරෝපීය කවුන්සිලයේ නියෝජිතයෙකු ලෙස මොස්කව් වෙත පැමිණි බවත්ය.

මේ සම්බන්ධයෙන් යුරෝපා සංගමය දැඩි ලෙස සිය විරෝධය ප්‍රකාශ කර තිබු අතර විදේශ කටයුතු ප්‍රධානී Josep Borrell පැවසුවේ හංගේරියානු නායකයා කිසිදු විටක මොස්කවුහිදී යුරෝපා සංගමය නියෝජනය නොකළ බවත්, එය සෘජුවම හංගේරියාව හා රුසියාව අතර ගනුදෙනුවක් වන බවත්ය.

පුටින්ගේ සමීපතම යුරෝපීය නායකයා ලෙස සැලකෙන ඕර්බන්, යුක්රේනය සඳහා මූල්‍ය සහ මිලිටරි ආධාර සහ රුසියාවට සම්බාධක පැනවීම සඳහා සාමාජිකයින් 27 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම විසින් දරන උත්සාහයන් නිතිපතා අවහිර කර ප්‍රමාද කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...