යුරෝපා සංගමේ විරෝධය නොසලකා හංගේරියාවේ ඕර්බන් රුසියාවේදී පුටින් හමුවෙයි

Date:

සටහන : සශිකලා මධුෂාණි
ජුලි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : යුරෝපා සංගමේ විරෝධත්වය නොසලකා හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් මොස්කව්හිදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, යුක්රේන තත්වය සම්බන්ධයෙන් සාකච්ජා කළ බවත්, අවංක හා ප්‍රයෝජනවත් සාකච්ජාවක් සිදුකල බවත්, ඕර්බන් යුරෝපීය කවුන්සිලයේ නියෝජිතයෙකු ලෙස මොස්කව් වෙත පැමිණි බවත්ය.

මේ සම්බන්ධයෙන් යුරෝපා සංගමය දැඩි ලෙස සිය විරෝධය ප්‍රකාශ කර තිබු අතර විදේශ කටයුතු ප්‍රධානී Josep Borrell පැවසුවේ හංගේරියානු නායකයා කිසිදු විටක මොස්කවුහිදී යුරෝපා සංගමය නියෝජනය නොකළ බවත්, එය සෘජුවම හංගේරියාව හා රුසියාව අතර ගනුදෙනුවක් වන බවත්ය.

පුටින්ගේ සමීපතම යුරෝපීය නායකයා ලෙස සැලකෙන ඕර්බන්, යුක්රේනය සඳහා මූල්‍ය සහ මිලිටරි ආධාර සහ රුසියාවට සම්බාධක පැනවීම සඳහා සාමාජිකයින් 27 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම විසින් දරන උත්සාහයන් නිතිපතා අවහිර කර ප්‍රමාද කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මානසික පීඩාවන්ගෙන් පෙළෙන වැඩිහිටියෙකු බිහිවන්නේ ඇයි?

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වැඩිහිටි...

2025 ආසියා බර්ලින් සමුළුවේදී ශ්‍රී ලාංකික නවෝත්පාදනයන් විශ්මයට පත් කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : 2025 ආසියා බර්ලින්...

28 වැනිදා සිට විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් අඛණ්ඩ වැඩවර්ජනයක – වර්ජනයට ඉඩ දෙනවද නැද්ද තීරණ ඇමති අතේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන 28 වැනිදා පෙරවරු 08.00 සිට අඛණ්ඩ...