සර්ව පාක්ෂික ආණ්ඩුව හදන්න විපක්ෂයම සැරසෙයි – කමිටුවකුත් පත්කර අවසන්

Date:

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විපක්ෂයේ පක්ෂ නායකයින් ඊයේ (05)පාර්ලිමේන්තුවේදී එකඟතාවකට පැමිණ තිබේ.

එම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විපක්ෂයේ පක්ෂවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති අතර එහි උපදේශකයන් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරයි.

සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුලූ විපක්ෂයේ පක්ෂ මෙන්ම ආණ්ඩුවෙන් ඉවත්වූ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම්ද මේ සඳහා සිටින නමුත් ඊට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු සම්බන්ධ වී නැත.

ඒ අනුව රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පී. දිගම්බරම්, ඩිලාන් පෙරේරා,ආචාර්ය චරිත හේරත්,දයාසිරි ජයසේකර,වාසුදේව නානායක්කාර,උදය ගම්මන්පිල,මොහොමඩ් මුසම්මිල්,ගෙවිඳු කුමාරතුංග,පූජ්‍ය අතුරලියේ රතන හිමි, අනුර ප්‍රියදර්ශන යාපා,එම්.ඒ. සුමන්තිරන්,සී.වී. විග්නේෂ්වරන් යන මන්ත්‍රීවරුන්ද මෙම සාකච්ඡාවට සහභාගී වී ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!

සටහන – පුලීජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැක්කම හුරුබුහුටි, තවකෙකුට...