*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

‘ගවුම් අඳින සමලිංගිකයන් එක්ක අපේ සම්බන්ධයක් නෑ’ කියා සමරිසි කසාදයකට එංගලන්තේ ගිය ලංකාවේ දේසපාලුවා කවුද?

ශ්‍රී ලංකාව තුළ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම් අරගලයේ වඩාත් කැපී පෙනෙන සංදිස්ථානයක් ලෙස ඉකුත් ජූනි මස 25 වන දින අභිමානයේ පාගමන පැවැත්විණි. මෙම අභිමානයේ පාගමනට විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්, ඔවුන්ගේ පවුලේ සමාජිකයන්, ආදරණීයයන් සහ හිතවතුන් 400 දෙනෙකු පමණ සහභාගී වූ බවට සඳහන්. රටතුළ මතුව ඇති ආර්ථික, දේශපාලන හා සමාජ කඩාවැටීම LGBTIQ+ ප්‍රජාවට බලපෑ අන්දම ලොවට කියා පෑමට මෙවර අභිමානයේ මාසය ඔවුහු යොදාගත්හ.

LGBTIQ+ ප්‍රජාව පිළිබඳ ශ්‍රී ලංකාවේ තිබූ සංවාදය නව මුහුණුවරක් ගනු ලැබුවේ 2018 ඔක්තෝබරයේ සිදුවූ ව්‍යවස්ථා කුමන්ත්‍රණය සමඟ ය. එවකට සිටි ජනාධිපතිවරයා හිටපු අගමැතිවරයාට ‘සමනලයා’ යැයි ප්‍රසිද්ධ වේදිකාවේ අපහාස කිරීම සමඟ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මතුවූ අරගලයට LGBTIQ+ ප්‍රජාව සහභාගී වීම ද සිදුවිය. එම අරගලය ශ්‍රී ලංකාවේ දේශපාලනයේ LGBTIQ+ ප්‍රජාව පිළිබඳ තිබූ ආකල්ප වෙනස් කිරීමට හේතුවූ බව සඳහන්.

සමලිංගික ක්‍රියා නිර්සාපරාදීකරණය කිරීම විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම් ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨය වන පසුබිමක ‘විවාහය’ යනු සමරිසි ප්‍රජාවට වඩාත් දුරස්ව පවතින සටන් පාඨයකි. සටන් පාඨයකටත් වඩා විවාහ ජීවිතය යනු සමරිසි ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට සිහිනයකි. ඒ අහිංසක පැතුම ඉටුකර ගැනීමට අරගල කිරීමට ප්‍රථම ඊට වඩා ප්‍රායෝගික වඩාත් බරපතල වූ සමලිංගික ක්‍රියා නිර්සාපරාදීකරණය කර ගැනීමේ සටන ජය ගැනීමට LGBTIQ+ ප්‍රජාවට සිදුව ඇත.

LGBTIQ+ ප්‍රජාවගේ මානව හිමිකම් අරගලය එසේ තිබිය දී, එක්තරා මානව හිමිකම් ක්‍රියාධරයකුගේ විවාහය ඉකුත් දින එක්සත් රාජධානියේ පැවැත්විණ. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල දැඩිකතාබහක් ඇතිවූයේ එය සමරිසි විවාහයක් වීම නිසාය. මෙම විවාහ උත්සවය සම්බන්ධයෙන් LGBTIQ+ නොවන ප්‍රජාවන්ගේ ආකල්ප කුමක් වූව ද LGBTIQ+ ප්‍රජාව තුළම ඇතැම් මතභේදාත්මක අදහස් සමාජ මාධ්‍ය ජාලා වල හුවමාරු වී තිබිණි. ඇතැමුන් කොන්දේසි විරහිතව එම විවාහයට සුභ පැතූ අතර, සමහරු එම විවාහ උත්සවයේ ඡායාරූප සමාජ මාධ්‍ය වල හුවමාරු කරමින් ‘මගේ අනාගත පැතුම ද මෙවන් විවාහ දිනයක්’ බව කියා සිටියහ. ඒ අතර, මෙම විවාහ උත්සවය දේශපාලනික වශයෙන් ඇතැමුන් විග්‍රහ කළේ, ධනවත් හා වරප්‍රසාද ලත් සුළු පිරිසක් විසින් මෙසේ විවාහ වීමේ අයිතිය භුක්ති විඳිද්දී සමරිසි ප්‍රජාවේම නිර්ධන හා වරප්‍රසාද නොලත් තවත් පිරිසක් අනේකවිධ සමාජ අපවාද වලට ලක්වන බව තර්ක කරමිනි.

ඒ සියල්ල මැද අපට වාර්තා වන අපූරු තොරතුරක් ද වේ. එනම් එක්සත් රාජධානියේ පැවති මෙම විවාහ උත්සවයට සහභාගී වූ එක්තරා සුවිශේෂී චරිතයක් පිළිබඳවයි. මෙම පුද්ගලයා වත්මන් රජයේ ප්‍රභල තනතුරක් දරන පුද්ගලයකු වන අතර, පවතින ආර්ථික අර්බුදය හමුවේ විදේශ විනිමය රටට ගෙන්වා ගැනීමෙහි ලා යම් කාර්යභාරයක් පැවරුනු තැනැත්තෙකි. මෙම මහජන නියෝජිතයා මීට කලකට ඉහත ආණ්ඩු පක්ෂයට හිතවත් ගායකයකු විසින් විපක්ෂයට මඩ ගැසීම සඳහා රැගෙන ගිය දේශපාලන කැම්පේන් එකක් සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් ‘ගවුම් අඳින සමලිංගිකයන් එක්ක අපේ සම්බන්ධයක් නෑ’ යැයි ප්‍රසිද්ධියේ කියූ පුද්ගලයකු වීම විශේෂත්වයකි.

දේශපාලන වාසිය ලබා ගැනීමට LGBTIQ+ ප්‍රජාවට ගැරහීම හෝ එම ප්‍රජාව බිල්ලට දීම අනාදිමත් කලක පටන් ශ්‍රී ලංකාව තුළ සිදූවූ දෙයකි. 1990 රිචර්ඩ් ද සොයිසා ඝාතනයේ සිට, 1999 ද අයිලන්ඩ් පුවත්පතේ සිදුවීම, 2011 රිවිර පුවත්පතේ සිදුවීම, 2015 – 2017 කාලය තුළ පැවති රජයට පහර දීම සහ 2018 ව්‍යවස්ථා අර්බුදය ඇතුළු වර්තමාන සමාජයේ මතුවන අර්බුද දක්වාම මෙසේ දේශපාලනික සමලිංගික භීතිකාව උපායමාර්ගික අවියක් බවට පත්කර ගැනීම ශ්‍රී ලංකාවේ දේශපාලඥයන් විසින් මැනවින් ප්‍රගුණ කළ දෙයකි. මෙකී කිසිඳු දේශපාලඥයකු තම පෞද්ගලික ජීවිත වල සමලිංගිකභීතික ලෙස නොහැසිරෙන අතර, තම පෞද්ගලික කවයන් වල සමරිසි පුද්ගලයන් පවා ඉතා සුහදව ආශ්‍රය කරනවුන් ය. එහෙත් ඡන්ද පදනම රැකගැනීමට ජාතිවාදය, ආගම්වාදය ප්‍රවර්ධනය කරන අන්දමින්ම මහජනතාව ඉදිරියට පැමිණ සමලිංගිකභීතිකාව ප්‍රවර්ධනය කරන ප්‍රකාශ ද මොවුන් විසින් සිදුකර ඇති අතර, ඉහත කී මහජන නියෝජිතයා එක්සත් රාජධානියේ පැවති සමරිසි විවාහ උත්සවයට සහභාගී වීම ද එම සමාජ ඛේදවාචකයේ ම එක් පැතිකඩක් බව අපට හැඟේ.

විශේෂ වාර්තාකරුවකු විසිනි

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan