සටහන – රෂිකා හෙන්නායක ජූලි 07, කොළඹ (LNW):
මාතෘභූමියත්, ජනතාවත් ආරක්ෂා කරන තෙක් පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනපතිට ශක්තිය සහ සහයෝගය ලබා දෙන බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
පොදුජන පෙරමුණු පක්ෂයේ සභාපති අප අතහැර යද්දීත්, අවස්ථාවේ හැටියට රට බේරාගත හැක්කේ රනිල්ට බව තීරණය කළ බව කී බැසිල් රාජපක්ෂ මහතා ,අද දක්වා ඒ සහයෝගය ඉදිරියටත් දක්වන බව කිව යුතුයැයි ප්‍රකාශ කළේය .
ඒ් මහතා ප්‍රකාශ කළේ, එය කරන්නේ රට වෙනුවෙන් බවයි .
27ක දේශපාලන දිවිය සමරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝජිත අබේගුණවර්ධන මහතාගේ ජාතික මෙහෙවරක රෝහිත සලකුණ සැමරුම් උළෙලට සහභාගී වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය පැවැත්වුණි.
හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහත්වරු ප්‍රමුඛ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ඇතුළු අති විශාල පිරිසක් මීට සහභාගී වූ අතර, කළුතර දුම්රිය පොළ ක්‍රීඩාංගනයේදී මෙම සමරු රැළිය පැවැත්විණි.
