රට තුළ දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි – චම්පිකගෙන් සැර චෝදනාවක්!

Date:

කොළඹ LNW:රට තුළ ක්‍රියාත්මක වන දේශපාලන පාතාලයක් මගින් ඔවුන්ට අභියෝග කරන පුද්ගලයන් ඉලක්ක කර මඩ ප්‍රචාර හා වද හිංසා සිදුකරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (07) අධිකරණ නියෝගයක් අනුව බන්ධනාගාර ගත කර සිටින සමගි ජන බලවේගය නියෝජනය කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී බන්ධනාගාර ගතව සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සුවදුක් බැලීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ ඒ මහත්මිය හට අධිකරණයෙන් ලබාදුන් තීන්දුව පිළිබඳව කිසිදු විවේචනයක් නොමැති වුවත් රට තුළ ක්‍රියාත්මක වන බවත් ඒ දේශපාලන පාතාලයේ ඕනෑ එපාකම්වලට අභියෝග කරන අයව නොයෙක් මඩ ප්‍රචාර, නොයෙක් ආකාරයේ හිංසා, පීඩා ආදිය මගින් නිහඬ කරන්න උත්සාහ කරමින් තිබෙන බවයි.

“අපි කියන්න ඕනේ අද වෙනකොට රට ඇතුලේ යම්කිසි ආකාරයක දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි. ඒ දේශපාලන පාතාලයේ ඕනෑ එපාකම් වලට අභියෝග කරන අයව නොයෙක් මඩ ප්‍රචාර, නොයෙක් ආකාරයේ හිංසා, පීඩා ආදිය මගින් නිහඬ කරන්න උත්සාහ කරනවා. දැන් අපි දැක්කා හිරුණිකා මැතිණියටත් මාධ්‍ය හරහා නොයෙක් එවැනි දෑ සිද්ධ වුණා. ඇය ඒවට අභීතව මුහුණ දුන්නා. කෙසේ නමුත් ඉදිරියේදී ඒ පිළිබඳ යුක්ති සහගත තීරණයක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ දේශපාලන පාතාලයට එරෙහිව මේ රටේ ජනතාව නම් දැන් නැගී සිටිය යුතුයි. මොකද රටක් ඇතුළේ තව රටක්, රාජ්‍යයක් ඇතුළේ තව රාජ්‍යයක් තියෙන්න බැහැ. ඇතැම් අය බදු ගෙවන්නේ නැහැ, බැංකුවලට පොලු තියෙනවා, විදේශ දේපොළ පවත්වාගෙන යනවා ඒවා ගැන හොයා බැලීමක් නැහැ. ඇතැම් අයට විතරක් මේ සියලු නීති ක්‍රියාත්මක වෙනවා. මේ තත්වය වෙනස් කරගෙන අපි හැමෝම ඉදිරි කාලයේදී කැපවිය යුතුයි. “ යනුවෙන් රණවක මහතා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...