සටහන : සශිකලා මධුෂාණි
ජුලි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සිය පළමු ප්‍රධාන ප්‍රතිපත්ති ප්රකාශණය එළි දක්වමින් බ්‍රිතානයේ නව අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාමා සරණාගතයින් දහස් ගණනක් බ්‍රිතාන්‍යයේ සිට රුවන්ඩාවට පියාසර කිරීමේ මතභේදාත්මක සැලැස්ම ඉවත් කරන බව නිවේදනය කර තිබේ.
2022 වසරේ කොන්සවේටිව් රජය විසින් අනවසරයෙන් බ්‍රිතාන්‍යයට පැමිණි සංක්‍රමණිකයන් නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයට යැවීමේ සැලැස්ම ප්‍රකාශයට පත් කළ අතර පැවති නීතිමය අභියෝග හේතුවෙන් හා රුවන්ඩාව ආරක්ෂිත රටක් ලෙස නොසලකන බැවින් කිසිවකු රුවන්ඩාවට යැව්වේ නැත.
බ්‍රිතාන්‍ය ආන්ඩුව දැනටමත් රුවන්ඩා රජයට පවුම් මිලියන සිය ගනනක් දී නවාතැන් සැකසීමට සහ සරණාගතයින් පිරිසැකසුම් කිරීම සඳහා අමතර නිලධාරීන් බඳවා ගැනීමට මුදල් ලබා දී ඇති අතර අගමැති වීමෙන් පසු සිය පළමු මාධ්‍ය සාකච්ජාවේ දී ප්‍රකශ කර තිබුණේ, රුවන්ඩා වට සරණාගතයන් යැවීමේ සැලැස්ම ආරම්භ වීමට පෙර මිය ගොස් වළලනු ලැබුවක් බවත් සිය රජය එය තවදුරටත් නඩත්තු නොකරන බවත්ය.
ඒ අනුව, පුද්ගල ජාවාරම්කරුවන්ගේ කටයුතු මර්දනය කරමින් සරණාගත ගැටලුව විසඳීම සඳහා තම රජය දේශසීමා ආරක්ෂක විධානයක් නිර්මාණය කරන අතර එමඟින් මිනිසුන් ජාවාරම් කිරීම නැවැත්වීම සඳහා ජාත්‍යන්තර ආයතන සමඟ කටයුතු කිරීම සඳහා පොලිසියේ, දේශීය බුද්ධි අංශ සහ නඩු පවරන්නන්ගේ කාර්ය මණ්ඩලය එක් කරන ස්ටාමා ප්‍රකාශ කර තිබේ.
කියර් ස්ටාමා ජුලි 04 වන දා බ්‍රිතානයේ පැවති මහා මැතිවරණයේදී ටෝනි බ්ලෙයා ගෙන් අනතුරුව බ්‍රිතාන්‍ය ඉතිහාසයේ විශාලතම පාර්ලිමේන්තු බහුතරයක් දිනා ගනිමින් බලවත්ම බ්‍රිතාන්‍ය නායකයා බවට පත් විය. ඔහු රාජ්‍ය සේවා වැඩිදියුණු කිරීම සහ දුර්වල ආර්ථිකය පුනර්ජීවනය කිරීම, බන්ධනාගාර පද්ධතියේ ගැටළු විසදීම, සෞඛ්‍ය සේවා සංවර්ධනය ආදී කරුණු ගණනාවක් සිය ප්‍රමුඛතම කාර්ය සේ සලකා කටයුතු කරන බවයි ඊයේ(06)පැවති ඔහුගේ පළමු කැබිනට් රැස්වීමේදී සඳහන් කර තිබුණේ,