එංගලන්තේ බොරිස් ජොන්සන් යුගයේ අවසාන දිනය අද???

0
342

එක්සත් රාජධානියේ දේශපාලන අස්ථාවරභාවයේ උච්ඡතම අවස්ථාවක් මතුව ඇති බව වාර්තා වේ.

මේ වන විට එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට එරෙහිව ගොඩ නැඟෙන විරෝධය එන්න එන්නම උත්සන්න වෙමින් පවතී.

එරට රජයේ අක්‍රමිකතා හමුවේ මේ වන විට බොරිස් ජොන්සන් ප්‍රමුඛ රජයෙන් ඉල්ලා අස්වී ඇති කැබිනට් මණ්ඩල සාමාජිකයන් ඇතුළු නිලධාරීන් සංඛ්‍යාව 50 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත්, බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා තම ධුරය රැකගැනීමට දැඩි වෙහෙසක් දරන බව වාර්තා වන අතර, මෙම අර්බුදයේ නාට්‍යානුසාර ජවනිකාවක් ලෙස මීට දින දෙකකට පෙර ඔහුගේ නව චාන්සල්වරයා ලෙස පත්කළ නදිම් සහවි ද ඔහුට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පවසා තිබේ.

Outbound Today