*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

තමන්ටත් වඩා අවුරුදු 14 ක් වයස කොස්ටඩිනෝවාගේ උස වාර්තාව යරොස්ලාවා ට

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 08, (LNW) කොළඹ :
යරොස්ලාවා මහුචික් උස පැනීමේ ලෝක වාර්තාව සිය නමට ලියා ගන්නට සමත් විය.ස්ටෙෆ්කා කොස්ටඩිනෝවා සතුව පැවති මීටර් 2.09 ක ලෝක වාර්තාව යරොස්ලෝවා සතු වන්නේ මීටර් 2.10 ක් ලෙසය.කොස්ටඩිනෝවාගේ වාර්තාව තබන්නේ 1987 දී ය.යරොස්ලෝවා උපදින්නේ ඊට වසර 14 ට පසුව 2001 දී ය.උපතටත් වසර 14 ට පෙර තැබුණු,වසර 37 ක් තිබෙන වර්තාවක් යන්න එය බිදින්නට කෙතරම් අපහසුද යන්න පැහැදිළි කරන්නකි.

කොස්ටඩිනෝවා බල්ගේරියාව නියෝජනය කරමින් මේ වාර්තාව තබන විට වයස 22 කි.එසේම ක්‍රීඩාව සම්බන්ධයෙන් මේ වන විට බල්ගේරියාවේ සිටින ගෞරවණියම පුරවැසියා ද කොස්ටඩිනෝවාය.ඇය 2005 සිට එරට ඔලිම්පික් කමිටුවේ සභාපතිණිය වන අතර කලක් ඇය එරට ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිතුමිය ද වූවාය.එතරම් දුරක් යන්නට තවම යරොස්ලාවා ට වයසක් නැත.එහෙත් එක් සමාන කමක් ඇත.ඒ යරොස්ලාවා ලෝක වාර්තාව තබන්නේ ද කොස්ටඩිනෝවා වාර්තාව තැබූ ආකාරයටම වයස 22 දී වීම ඒ සමානකමය.

යුක්රේනය ගිනි ගමින් සිටියදී කිලෝ මීටර් 2000 ක් මෝටර් රථයකින් සර්බියාව දක්වා පැමිණ ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වී රන් පදක්කම දිනා ගත්තාය.යරොස්ලාවා යකඩ කෙල්ලෙක් කියා ලෝකය කතාබහ කරන්නට පටන් ගත්තේ එතැන සිටය.වෙඩි උණ්ඩවලට නැවතිය නොහැකි ඇයගේ ක්‍රීඩා අරමුණ සහ ඉලක්ක වෙත යොමු වෙන මේ උස පැනීමේ ක්‍රීඩිකාව ගැන ලෝකය බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා උන්නේ 1997 දක්වාම උස පැනපු කොස්ටඩිනෝවාටවත් වෙනස් කරන්නට නොහැකි වූ මීටර් 2.09 වාර්තාවට යරොස්ලාවි සමීප වෙනු දැකීමටය.ඇය සතු විඳ දරා ගැනීම සහ නොපසුබස්නා වීර්යය සමඟම ලාබාල ක්‍රීඩිකාවක වූ ඇය ගැන අනාගතය ලියන්න දිගු ඉඩක් වෙන් කර තබා ගත යුතු බව ලෝකයම එතැන් සිට බලාපොරොත්තු තබා ගත්තේය.


ඇය මීටර් 2.10 තව දුරටත් ඉදිරියට ගෙන යනු ඇත.එහෙත් එසේ නොවීමට ද ඉඩ ඇත.කොස්ටඩිනෝවාට යළිත් මීයර් 2.09 ක් පනින්නට නොහැකි වූ සේම මීටර් 2.10 ත් තව වරක් කළ හැකිදැයි සැක සිතෙන තරමටම අසීරුය.කොස්ටඩිනෝවා මීටර් 2.00 උස 197 වරක් සිය ජිවිතය තුළ ඉක්මවා ගොස් ඇත.එවැනි දක්ෂතාවලින් ලෝකය සහ තමන්ගේ උපන් බිම පිනවූ ඇය තවමත් එරට සිටින ක්‍රීඩාවේ ඉහළින්ම සැළකුම් ලබන පෞරුෂයක් හිමි පුරවැසියෙක්ය.
යරොස්ලාවා ද සිය රටේ ජනතාවගේ උපරිම ගෞරවයට සුදුසු ඇත්තියක බව සහතිකය.ඇය යුද ගිණි මැද අනපේක්ෂිත ජීවිත සමඟ පොර බඳමින් යුක්රේන වැසියාගේ ගෞරවය වෙනුවෙන් ජීවිත දෙවැනි කොට සිතන මිනිසුන්ගේ හැකියාව,ශක්තිය ගැන ලෝකයට කියමින් උස පනින්නීය,ලෝකවාසී අවධානය යුක්රේනයට දිනා දෙන යරොස්ලාවාගේ උස් පිමි යුක්රේනයේ දැවෙන ජීවිතවලට සිසිල දෙන පිණි වරුසාවක් වැනිය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan