රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය එක්ක එකට යන්න පොහොට්ටුව ලෑස්ති නෑ – සාගර කාරියවසම්

Date:

කොළඹ LNW:රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය සමඟ ඉදිරි දේශපාලන ගමනක් යාම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිසේත්ම එකඟ නොවන බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව පොහොට්ටුව තුළ සිදු වන සාකච්ඡාවල දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නම පිළිබඳව කිසිඳු සාකච්ඡාවක් නොමැති බවයි කාරියවසම් මහතා පවසන්නේ.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවක් පොහොට්ටුව පක්ෂයට මොන ආකාරයකට හෝ දන්වා නැති බවත් පොහොට්ටුවේ ඇතැම් මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමට සුදුසු බව පැවසූවත් ජනාධිපතිවරයා තම පක්ෂයට පමණක් නොව වෙන කිසිම අයෙකුට හෝ කිසිදු අවස්ථාවක තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කොට නැති බව හෙතෙම තවදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW අධිකරණ නියෝග මත ඉන්දියාවෙන්...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...