රොහාන් ට ඇමෙරිකාවෙන් මේස පන්දු පුහුණු තනතුරක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 07, (LNW) කොළඹ :

රොහාන් සිරිසේන මෑතක් වන තුරුම ශ්‍රී ලංකාවේ මේස පන්දු කේෂ්ත්‍රයේ ඉහළින්ම කියැවි නමකි.කේවල මෙන්ම පිරිමි යුගල අංශයේදී ද ඉදිරියෙන්ම සිටි,දශක දෙකකට අධික කාලයක් මේස පන්දුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති රොහාන් සිරිසේන එම දක්ෂතා වර්ධනය කර ගන්නට කිසිඳු අවස්ථාවක විදෙස් පුහුණුවකට හෝ යොමු නොකෙරුණු ක්‍රීඩකයෙකි.එහෙත් ඉතා කැපවීමෙන් ක්‍රීඩාවේ නියැලෙමින් දැණුමද හැකියාවද පොහොසත් කර ගත් රොහාන්,මේ වන විට විදේශිකයන් පුහුණු කිරීමේ අවස්ථාව හිමි වූ පුහුණුකරුවෙක් බවට පත් වි ඇත.


ඇමෙරිකාවේ උතුරු කැලිෆෝනියා හී විශාල පිරිසක් මේස පන්දු පුහුණුව සඳහා යොමු වී ඇති Table Tennis America මේස පන්දු ක්‍රීඩා සමාජයේ පුහුණුකරුවෙක් ලෙස වැඩ කිරීමට රොහාන්ව බඳවාගෙන ඇත.වයස අවුුරුදු 5 සිට අවුරුදු 60 ද ඉක්මවා සිටින බොහෝ පිරිසක් මේ ක්‍රීඩා සමාජයේ තරගකාරී මට්ටමේ සිට සිය සෞඛ්‍ය සම්පන්නභාවය වෙනුවෙන් ද පුහුණුවීම් කර ගෙන යාම සඳහා එක්වෙන ස්ථානයකි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වෙනුවෙන් ඉහළ පහසුකම් මෙන්ම සැළකිලි ද නොලැබ ඉතා අපහසුවෙන් ක්‍රීඩා කළ ද,ශිල්පීය ගුණාංග මහන්සියෙන් කැපවීමෙන් ඔප මට්ටම් කර ගතහොත් එම දක්ෂතා ලෝකය විවෘතව පිළිගන්නා සාධකයක් බව රොහාන්ගේ මේ දස්කම ගැන අවධානය යොමු කරන විට පැහැදිළිව තේරුම් ගැනීමට හැකියාව ඇත.මේ වන විට ඇමෙරිකාවේ කැපී පෙනෙන ළමා ක්‍රීඩිකාවන් දෙපළක් වන තිළිණ පියදාසගේ දූවරුන් වන ටාෂියා සහ ටියානා ගේ පුහුණු කටයුතු නිසා තිළිණ ද මේ වන විට අවධානය දිනා ගත් පුහුණුකරුවෙකි.තිළිණ සහ රොහාන් දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා මේස පන්දු කේෂ්ත්‍රයේ කැපී පෙණුන යුගල සූරයන්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සති 11 ගෙවෙද්දි සීආර් ඉදිරියෙන් වුණාට කිරුළේ හිමිකාරිත්වය තවමත් විවෘතයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

රනිල් කොටුව අධිකරණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුපියල් ලක්ෂ 166ක මහජන දේපල අවභාවිතා කිරීමේ...

නාමල් කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා හමුවෙයි..

රෂිකා හෙන්නායක ජනාවාරි 28, කොළඹ LNW : අද (28)දින...

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර අතර දුරකතන සාකච්ඡාවක්…?

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර කුමාර දිසානායක...